කොටියන් රඳවා සිටින කූඩුව විවර කර මහජන ප්‍රදර්ශන කලාපය කරා සතුන් රැගෙන යන්නට ඊයේ (20) උදෑසන සේවිකාවක් සූදානම් වූවා. දොර විවර කළ අවස්ථාවේදී ඇය පිරිමි කොටියෙකුගේ ග්‍රහණයට හසුවුණා.
‘ඔzස්’ එකවරම ‘සෑම්’ වෙත කඩාපැන ඇති අතර ඉන් බේරන්නට ඇය දැරූ උත්සාහය ව්‍යර්ථ වූවා. ඒ ‘ඔzස්’ – ‘සෑම්’ ට කිසිවක් කරන්නට අවස්ථාවක් නොදුන් නිසාවෙන්.
ඔzස් නම් කොටියා කළක පටන් රැකබලාගෙන ඇත්තේද මෙම සේවිකාව විසින්. සමන්තා කුඩෙවේ නම් වන ඇය 43 වියෙහි පසුවූවා. ඇයට වසර 20ක් පමණ මෙම ක්ෂේත්රයේ පළපුරුද්දක් ඇත.
සහෝදර සේවක මණ්ඩලයේ ආදරණීය ‘සෑම්’ ලෙසින් ප්‍රචලිතව සිටි ඇය උපන් දින සැමරුම නොවැම්බර් 16 සමරන්නට අපේක්ෂාවෙන් සිටියා. ඇය පදිංචිව සිටියේ උතුරු නවසීලන්තයේ පිරෝන්ජියා ප්‍රදේශයේ.
ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්ත හැමිල්ටන් සත්වෝද්‍යානයට පසුගිය වසරේ කොටියා ගෙනවිත් ඇත්තේ ‘ගෝලීය සත්ව විශේෂ කළමනාකරණ ව්‍යාපෘතිය’ අනුවයි. ඔzස් – අවුරුදු 10ක් පමණ වූ සුමත්රානු ඝනයේ පිරිමි සතෙක්.
හැමිල්ටන් සත්වෝද්‍යාන කළමනාකාරීත්වය නිවේදනය කළේ , සත්වයින්ගේ භාරකරුවෙකුට එල්ල වූ පළමු දරුණුතම ප්‍රහාරය මෙය බවයි.