රියැලිටි සංගීත වැඩසටහන් රටට පැමිණීමෙන් පසු බිහිවුණු තරු ඕන තරම්. ඒ ගොඩාක් තරු පායනවාටත් වැඩි ඉක්මනින් කඩාවැටුණු බවත් ඇත්තක්. ඒ හින්දම බොහෝ ප්‍රවීණ කලාකරුවන් රියැලිටි පරම්පරාව දිහා බලන්න පුරුදු වුණේ වපරැහින්. ඒ වගේම රියැලිටි වැඩසටහන් හරහා අනුන්ගේ ගීත ගායනා කරමින්,අනුන්ගේ එස්.එම්.එස් පණිවිඩ වලින් තරු බවට පත්වුණු අයත් නැංග ඉණිමගට පයින් ගහපු අවස්ථා ඕන තරම්.
අනෙක් අතට තමන් තරු වෙන අතරම තමන්ට බැබලීමට ආලෝකයක් වුණු ජ්‍යෙෂ්ඨයින් නොතකා හැරීමත්, ඔළුව උදුම්මවා ගැනීමත් මේ අයගේ විලාසිතාවක් වුණා. ඒත් ජිප්සීස් නායක සුනිල් පෙරේරා කියන්නෙත්, ඩ්‍රීම්ස් ස්ටාර් එම්.ජී ධනුෂ්ක කියන්නෙත් එහෙම දෙන්නෙක් නෙවෙයි. සුනිල් පෙරේරා හැමදාමත් නවකයින්ට අතදුන්නා. එම්.ජී හැමදාමත් ජ්‍යෙෂ්ඨයින් ආදරයෙන් සිහිපත් කළා. ඔවුන්ට ගරු කළා.
තමන් සමග ගීතයක් ගායනා කරන්නට සුනිල් පෙරේරා විසින් එම්.ජීට ආදරයෙන් ආරාධනා කරනු දැකගන්නට හැකිවුණා. ඒ පසුගියදා ‘නෙළුම්පොකුණ‘රඟහලේ පැවති ‘තාන හා වර්ණ‘ ප්‍රසංගයේදීයි. මේ අවස්ථාවේදී එම්.ජී, සුනිල් පෙරේරාගේ දෙපතුල් සිඹ ආශිර්වාද ගනිමින් ගීත ගායනයට එක්වුණා. තමන් ජ්‍යෙෂ්ඨයින්ට නිසි ගෞරවය දක්වන බව පිළිඹිබු ගන්වමින් එම්.ජී දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂාගාරයේ ආදරය දිනාගත්තා.
නෙළුම් පොකුණ රඟහල් ඉතිහාසයේ සියලුම ප්‍රවේශපත්‍ර අලෙවිවී,සියලු අසුන් පිරී ඉහළම ආදායම් ලැබූ ප්‍රසංගය ලෙස ටී.වී දෙරණ ආයතනයේ සුබ සාධක සංගමයට ආධාර පිණිස පවත්වනු ලැබූ ‘තාන හා වර්ණ‘ප්‍රසංගය ඉතිහාසයට එක්වුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් පළවෙයි.
Sudeera Madusanka
October 6, 2014 at 3:36 pm
MG…..we love you………
kumara
October 6, 2014 at 5:50 pm
Pajaathiiiiiiiiiiiiiiiiiiya Gon nammban Namadeema??????????????????????????
piyal hettiarachchi
October 6, 2014 at 6:21 pm
අද ගොඩක් නවකයන්ට උනේ තමුන් ගයන කරන ගීතයේ මුල් ගායකට නිසි ගව්රවයක් දුන්නේ නැහැ. මේ ගොල්ලන් හිතන් ඉන්නේ ප්‍රවීන ගයකොයෝ කියලා.ඉස්සෙල්ලම තමුන් අපු තැන මතක තියාගන්න ඕනේ අපේ sms ටික දුන්නේ නැත්නම මේ ගොල්ලන් කොහොමද ගායකයෝ වෙන්නේ .මම ඒ අතින් mg ගරුකරනවා …