ලාංකීය සංගීත ක්ෂේත්රයේ ජනප්රිය ගායිකාවක් වූ කේ.සුජීවා පසුගිය කාලය පුරා රහසක්ව තිබූ සිදුවීමක් සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.
ඒ ඇයගේ පෙම්වතා සම්බන්ධවයි. කැලුම්ගෙන් වෙන්වූ පසුව ඇයගේ සිත්ගත් පෙම්වතා වී තිබෙන්නේ වෙන කවුරුන්වත් නොව ගායන ක්ෂේත්රයේ තවත් ජනප්රිය චරිතයක් වන අජිත් මුතුකුමාරණයි.
කේ සුජීවාගේ දියණියටද දැඩි ආදරයක් දක්වන අජිත් තමන්ගේ ජීවිතයට වාසනාව ගෙන ආ බවත් මේ වන විට ඔවුන් දෙදෙනා එකට ජීවත් වන බවත් පසුගිය දිනක පවසා තිබෙනවා.
දෙන්නාගේ හමුවීම සෑහෙන කාලයකට කලින් සිදුවුනත් දෙදෙනාගේ අදහස් ගැලපුණු නිසා මේ සම්බන්ධය පටන් ගත් බව සුජීවා වැඩිදුරටත් පවසා තිබෙනවා.
