තරු හුට පට

ශ්‍රීමාලි ෆොන්සේකා මහ රෑ හෝටලයකට පැනලා පෙම්වතාගේ හොර අල්ලලා

 
1111
ශ්‍රීමාලි ෆොන්සේකා කියන්නේ ටෙලිනාට්‍ය සිනමාපට වගේම වෙළඳ දැන්වීම් වලිනුත් ඔබට හමුවුන නිළියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒත් ඇය ගැන පහුගිය දවස්වල කතා වුනේ නම් රණ්ඩුවක් නිසා. මේ ඒ ගැන ඇය සති අන්ත පුවත්පතකට පළ කළ අදහස්.

ශ්‍රීමාලි පහුගිය දවසක වෙච්ච සිද්ධියක් හින්ද මේ දවස්වල කතාබහට ලක් වෙනවා නේද?
මොන සිද්ධියද ඔය කියන්නේ. මට සිද්ධි ගොඩක් වුණානේ. හැමදාම කොහෙවත් නැති දේවල් මගෙ ඇඟට පාත්වෙනවනේ.

මං අහන්නෙ මහ රෑ නිළියකට පහර දෙන්න ගිහින් හොටෙල් එකක් ඇතුළෙ වෙච්ච කචල් එක ගැන?
ආ.. ඒකද? ඒක නිළියක් කියලා කියාගත්ත කෙනෙක් මගේ පෙම්වතාව බලෙන් යාළු කරගෙන මට වැඩේ අතටම මාට්ටු වුණා.
ඔයා එයාට පහර දුන්නද?
නෑ.. නෑ.. අපි හයියෙන් කතා කතා කරගත්තා. වෙච්ච හැමදේම පටිගත වෙච්ච රෙකෝඩින් මං ළඟ තියෙනවා.

ශ්‍රීමාලි ප්ලෑන් කරලද වැඩේට බැස්සේ?
මම කාමරයට ගියේ ෆෝන් එකේ වීඩියෝ ඔන් කරගෙන. වෙච්ච හැමදේටම සාක්ෂි මා ළඟ තියෙනවා. වැඩිපුර කෑගැහුවේ එයාමයි.

පෙම්වතා අහිමිවීම දරාගන්න බැරිව කඩාපැන්නා කියල කතාවක් යනවා නේද?
අනේ මට පෙම්වතා නැතිවුණා කියලා කිසිම දුකක් නෑ. කොහොමටත් මං එයාගෙන් ගැලවෙන්නෙ කොහොමද කිය කියා හිටියෙ.

ඒත් ඒ නිළිය තමන්ගෙ දේවල් නැති කළ හින්දම චැනල් වල වැඩසටහන්වලට ගන්න එපා කියලා ශ්‍රීමාලි කීවද?
නෑ. නෑ. ඒක පට්ටපල් බොරුවක්. ඔය වගේ වැඩ මං කරන්නෙ නෑ. අනෙක් අය වගේ නෙවේ මගේ හැම දෙයක්ම මම මහන්සියෙන් හම්බකරගත්ත ඒවා. ඉතින් කාටවත් මගේ දේවල් ගන්නත් බෑනෙ.

සිද්ධියට පස්සෙ ශ්‍රීමාලි එයාට කතා කලාද?
පෙම්වතා නම් දවසක් කතා කළා. ඇය එක්ක මම කතා කරන්නෙ නෑ.

වෙච්ච සිද්ධිය ගැන පසුතැවෙනවද?
කිසිසේත්ම නෑ. ඕවා මට සාමාන්‍ය දේවල් නේ. පෙම්වතාගෙ කැරැට්ටුව මං දැනගනිද්දි පරක්කු වැඩියි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!