ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් 7 දෙනෙකු අයි.එස්. අයි.එස් නැමැති ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය සමග එක්ව ඇතැයි කියන සිද්ධියක් ගැන තොරතුරු වාර්තා වෙනවා.
මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ දෙමළ වෙබ් අඩවියක් විසින් බවත් පැවසෙනවා. මොවුන් අවුරුදු 20ත් 40ත් අතර පසුවන අය බව එමගින් වැඩිදුරටත් දක්වා තියෙනවා. මෙම මුස්ලිම් ජාතිකයින් 7 දෙනා කොළඹ හා නුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එමගින් වැඩිදුරටත් කියැවෙනවා.
ලාංකික කරාටේ ගුරුවරයෙකු මෙම ත්‍රස්තවාදී සංවිධානයට එක්ව සිරියාවේදී ඇති වූ ගැටුම්වලින් මියගිය බවත් කියවුණා. ඔහු ගලේවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණා.
