අහසේ වළාකුළු උඩ ඇවිදින මිනිසෙකු යැයි කියන ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.
කොසේ වෙතත් අදාළ ඡායාරූප වල ඉන්න මිනිසා නම් ඇත්ත එක්කෙනෙක් නෙවෙයි.එයා වළාකුලු වලින්ම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
නික් ඕ ඩොනර් නම් වන අයර්ලන්ත ජාතිකයකු තමයි මේ සිද්ධිය දැකලා තියෙන්නේ.
අඩි 30,000ක් උස සිට ගෙන ඇති මෙය අද්භූත සිද්ධියක් බව ලොවපුරා ප්‍රචාරය වෙලා.
ඕස්ට්‍රේලියාවේ සිට ලන්ඩනය දක්වා ජෙට් යානයකින් ගමන් කරන විට එම මිනිස් රූපය විනාඩි දෙකක පමණ කාලයක් වලාකුළු මත සිටගෙන ඇති අතර ඒ මොහොතේදී නික් සතුව තිබූ අධිතාක්ෂණ කැමරා මඟින් මෙය ඡායාරූප ගත කර තිබෙනවා.
එම අවස්ථාවේ නික් සමඟ සිටි කාන්තාවන් කිහිප දෙනකු තිගැස්මකට ලක්වී ඇති බවයි පැවසෙන්නේ.
