ගෘහසේවිකාවන් වශයෙන් මැදපෙරදිග රටවලට යන ශ්රී ලාංකික ඇතුළු ලොවපුරා කාන්තාවන් ඔවුන්ට සේවය කිරීමට ලැබුණ නිවෙස්වල හාම්පුත්තුන්ගෙන් ලිංගික අතවර සිදුවූ බව පැවසූ අවස්ථා එමටයි. එහෙත් එම හිරිහැර ගැන ඔප්පු කළ හැකි සාක්ෂි නොමැති වීම නිසා එම කාන්තාවන් අසරණ භාවයට පත්වන අවස්ථාද නැත්තේම නොවේ.
මෙලෙස අසරණ වන කාන්තාවන්ට ඔවුන් සම්බන්ධයෙන් වගකිව යුතු තානාපති කාර්යාලවලට ගොස් දුක්ගැනවිලි කියූ අවස්ථාවද කියන අවස්ථාද නිතරම අසන්නට දකින්නට ලැබේ.මෙවැනි සිද්ධීන් ගැන ප්රසිද්ධියේ කියාපෑමට නොහැකිව ඒවා සඟවාගෙන දුක් කරදර විඳ දරාගෙන සිටින කාන්තාවන්ද ඒ අතර නැත්තේම නොවේ.
මෙවන් වාතාවරණයකදී සවුදි අරාබියේ නිවෙසක හාම්පුතෙකු විසිස් සිය ගෘහ සේවිකාවට ලිංගික හිරිහැර කරන ආකාරය වීඩියෝ කිරීමට අදාළ හාම්පුතාගේම බිරිඳ කටයුතු කර තිබෙන බව ද නොකියාම බැරි පුවතක් වාර්තා වෙනවා.මෙලෙස හිරිහැරයට ලක්වන කාන්තාව කවර රටක උපන් තැනැත්තියක්ද යන්න සඳහන් නොවන නමුත් එකී වීඩියෝව හාම්පුතාගේ බිරිඳ විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
ඇය පවසා ඇත්තේ තම සැමියාගේ මෙම හැසිරීමට එරෙහිව ඔහු දඬුවම් ලබාදිය යුතු බවයි.
පහතින් එම වීඩියෝව බලන්න.