Gossip

ඩෙන්මාර්කයට අවාරයේ ආ නත්තල – වීඩියෝ

62 වන වරටත් වාර්ෂිකව පැවැත්වෙන සැන්ටාවරුන්ගේ හමුව මේ පාරත් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර දී පවත්වල තියෙනවා.මේ වාර්ශික හමුව නිසා කෝපන්හේගන් අගනුවර නත්තල් කාලයේ වගේම වර්ණවත් කරලා සහ 150ක් පමණ සැන්ටාවරුන් මෙම උත්සවයට සහභාගි වෙලා තියෙනවා

ලොකු කුඩා කවුරුත් නත්තල් සීයාට ගොඩක් කැමතීනේ. ඉතිම් අපිට මේ නත්තල් සීයව දකින්න වෙන්නේ නත්තල් සමයේදි විතරයි.අවුරුද්දේ මැදදි එයාව දකින්න ලැබෙනවා ගොඩක් අඩුයි.ඒ වුණාට ඩෙන්මාර්කයේ ඉන්න අයට අවුරුද්ද මැදදි නත්තල් සීයලා ගොඩක් දැක ගන්න විශේෂ අවස්තාවක් ලැබුණා.

මේ සීයලා ටික ලින්ග්රි පියරේ සිට ගැමෙල් තොටුපොළ වෙත බෝට්ටුවකින් ඇවිත් නත්තල් ගීත ගායානා කරමින් පෙළපාලියකින් නගර මධ්‍යට ඇවිත් තිබෙනවා.විදෙස් වාර්තා පවසන්නේ එම සැනකෙලිය නැවත කෝපන්හේගන් අගනුවර නත්තල් අසිරියකින් පුරවපු බවයි.

දවස් හතරක් පැවැත්වෙන සැන්ටා හමුවට පැමිණි සැන්ටාවරුන් කෝපන්හේගන් අගනුවර ද ලිට්ල් මර්මේඩ් ස්මාරකය ආසන්නයේ ද රැස්වී නර්තන අංගයකටද දායක වෙලා තිබෙනවා. සැන්ටාවරුන් මෙම උත්සවයට දැඩි කැමැත්තක් දක්වනවාලු. දේශීය මෙන්ම ජපානය හා එල් සැල්වදෝර් වැනි විදෙස් රටවලින් පැමිණි සැන්ටාවරුන් ද මෙම හමුවට සහභාගි වෙලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!