සිනමා නිළි සමනලී ෆොන්සේකා හා ගායක ඉන්ද්‍රචාපා ලියනගේ අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනෙවිය වරෙන්තු නිකුත් කර ඇති බවට පුවත්පත් වාර්තා වල දැක්වෙනවා.
ඒ අධිකරණය හමුවේ පෙනී නොසිටිම නිසාවෙන් බවටයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉකුත් ජනාධිපතිවරණ සමයේදී අලුත් පරපුර කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේ ප්‍රදේශයේදී පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා ඇතුළු පිරිසකට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින නඩුව ඊයේ (31) යළි කැඳවූ අවස්ථාවේදීයි මහෙස්ත්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටින පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකු ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් මෙම නඩු විභාගයේ පැමිණිල්ලේ දෙවැනි සාක්ෂිකාරිය ලෙස නම් කර සිටින සමනලී ෆොන්සේකා සහ පස්වැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටින ඉන්ද්‍රචාපා ලියනගේ අධිකරණයට පැමිණ නැහැ.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළ බවට වැඩිදුරටත් පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.
