මේ ජීවිතේ කොයි මොහොතක අපිට දාලා යන්න වෙයිද කියන එක කාටවත් කියන්න බෑ.
ඒ විදිහට නොසිතුව මොහොතක කොළඹ මහානාම පාසලේ ඉගෙනුම ලැබූ සචින්ත මාලන් කුලසේකර ඊයේ අවසන් ගමන් ගිහින්.
ඒ පිලියන්දල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින්.
යතුරුපැදිය පැදවූ සචින්ත කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබුණා.
මේ හදිසි වියෝව නිසා සංවේගයට පත්වුණු ඔහුගේ පාසල් මිතුරන් මේ විදිහට සංවේදී සටහන් තබා තිබුණා.
