Gossip

දෙවෙනි ඉනිමේ මිහිරිගේ චරිතය රඟපෑ සචිනිට මොකද වුණේ..? – Photos

දෙවෙනි ඉනිමේ මිහිරිගේ චරිතය හරහා රටක් හඳුනාගත් සචිනි වික්‍රමසිංහ අද වනවිට විවිධ චරිත හරහා ක්ෂේත්‍රයේ නමක් දිනාගනිමින් හිඳින යොවුන් නිළියක්.
රංගනය මෙන්ද නිවේදනයටත් පය තියා සිටින සචිනි ඇයගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

සචිනි කලාවට යොමුවෙන්නෙ..?
මම කලාවට සම්බන්ධ වෙන්නෙ කුඩා වියේදිමයි. පුංචිකාලෙ සෙල්ලම් ගෙදර ටිකිරි පැය වගේ වැඩසටහන්වලට ගියා.

සචිනි රංගනය ඇරඹූ දෙවෙනි ඉනිමට සමුදෙන්න හේතු වූ කාරණය කුමක්ද?
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මිහිරිගෙ චරිතය අවුරුදු දෙකක් රඟපෑවා. මම ඒකෙ රඟපෑවෙ පාසල් යුවතියකගෙ චරිතයක්නේ. ටෙලිනාට්‍යයේ පාසල් විය අවසන් වෙනවත් එක්ක ඒ චරිතය අවසන් වුණා.

සිනමාවෙන් ඇරයුමක් ලැබුණෙ නැතිද?
එක ඇරයුමක් තියෙනව. ඉදිරි කාලයේ ඒ ගැන බලාපොරොත්තු වෙනව.

සචිනි අද වෙද්දි වෘත්තීයමය නිළියක්ද?
මගේ උපාධි ප්‍රදානෝත්සවය තිබුණෙ පසුගිය මාසයේ. ඒ දේවල් ඉවර වෙනකම් මම කාලය, වේලාව අඩුවෙන් තමයි රංගනයට යෙදෙව්වෙ.
දැන් අධ්‍යාපන කටයුතු අවසන් නිසා වැඩි වෙලාවක් වැය කරන්න පුළුවන්.

සචිනි අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රයෙන් රැකියාවක් ලැබුණොත්?
ඔව්. රැකියාවක් කිරීමේ අදහසක් තියෙනව. මම මේ දවස්වල මගේ සුදුසුකම්වලට ගැළපෙන රැකියාවලට අයැදුම් කරනවා.
මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා වෙනත් රැකියාවල නිරත වෙන ගමන් කලා කටයුතුත් කරනවනෙ. මමත් ඒ විදිහට මට ලැබෙන රැකියාවත් සමග සමබර කරගෙන රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරන්නයි හිතාගෙන ඉන්නෙ.

කලා ක්ෂේත්‍රය ගැන සචිනිට තියෙන්නෙ මොනවගේ ආකල්පයක්ද?
රංගන ක්ෂේත්‍රයේ අයගේ චරිත ගැන විවිධ කටකතා තියෙනවනෙ. මට නම් තවම ඒ වගේ අපහසුතාවලට මුහුණ දෙන්න වෙලා නැහැ.
පිටතින් බලල ක්ෂේත්‍රයේ ඉන්න අය ගැන තීරණ ගන්න එක සාධාරණ නැහැ කියලයි මම නම් හිතන්නෙ.

සචිනිගේ කලා කටයුතුවලට පවුලේ අයගෙන් සහායත් ලැබෙනවද?
මම පුංචිකාලෙ අමම්යි තාත්තයි තමයි මාව රූපවාහිනී වැඩසටහන්වලට එක්කගෙන ගියේ. මම කරන වැඩසටහන් ටෙලිනාට්‍ය බලල මට මුලින්ම අදහස් කියන්නෙ මගේ තාත්තා.

ඔබේ දෙමවුපියන් කලාව නෑකම් කියන අයද?
අම්මා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. තාත්තා දේශපාලනයට සම්බන්ධයි. මට මල්ලිල දෙන්නෙක් ඉන්නව

සචිනිට රංගනය ගැන ඉගෙන ගන්න අදහසක් නැතිද?
මම විවිධ චරිත රඟපාන්න වගේම වේදිකා රංගනයටත් ගොඩක් ආසයි. වේදිකාවෙන් තමයි රංගනය කියන්නෙ මොකක්ද කියලා මම මුලින්ම ඉගෙන ගත්තෙ.
මම රංගනය ගැන ඉගෙන ගෙන රඟපාන්න ආසයි. මම කුමුදු නිශාන්ත අයියගෙ රංගන පන්ති හා වැඩමුළුවලට සහභාගි වෙනව. ඊට අමතරව සිංහල ඉංග්‍රීසි චිත්‍රපට බලලා ගොඩක් රංගනය ගැන අදහස් ලබාගන්නව.

ක්ෂේත්‍රයේ තමන්ගේ දක්ෂතාවෙන් වෙනස් යමක් කරලා සම්මානයට පාත්‍රවෙන අදහසින්ද මේ ගමන යන්න?
සම්මානයක් ලැබෙනව නම් ආසයි. ඒ නිසාම තමයි මම රංගනයෙන් දෙයක් කළා කියලා පෙන්විය හැකි චරිත සොයා යන්නෙ.
ඒකට වාසනාවක් තියෙන්නත් ඕනනෙ. ඇත්තටම මට ලැබුණ අමන්දාගෙ චරිතය මට ලොකු වෙනසක් කරන්න ලැබුණ.

කලා ක්ෂේත්‍රයේ අයට පොදුවේ සමාජ මාධ්‍ය ජාලා හරහා එල්ලවන මඩ ගැසීම්වලට ඔබ මුහුණ දීලා නැතිද?
දෙවනි ඉනිමට ගිය මුල් කාලයෙ මාධ්‍ය ජාලාවල මාව අපහසුවට පත්වෙන ඡායාරූප දාලා තිබුණා.
මගේ පාසැල්වියේ ජායාරූපයකුයි මගේ දැන් ජායාරූපයකුයි දාලා මෙයා ඉස්සර මේ වගේ දැන් මේ වගෙයි කියලා දාලා තිබුණා.
කොහොමටත් අපි පාසල් යනකොට වගේ නෙවෙයිනෙ තරුණ වයසට ආවහම රංගන ක්ෂේත්‍රයට ආවහම, අපි විලාසිතාවලට යොමුවෙනවනෙ. පාසල් වියේ පෙනුමෙන් ඉන්නෙ නැහැනෙ. මුලදි ඒවා ගැන හිත රිදුණා. මානසිකව වැටුණා. පස්සෙ මම හිතුවා ඒ දේවල්වලිනුත් මං ගැන අනිත් අය දැනගන්නවනෙ කියලා හිතලා හිත හදාගත්තා.

සචිනි මේ වෙද්දි පෙම්වතියක්ද?
ඔව් එහෙම හිතාගෙන ඉන්නවා.

ළඟදිම විවාහ වෙන්න අදහසක් තියෙනවද?
අනිවාර්යෙන්ම ගැහැනු ළමයෙක් වුණහම නිසි වයසෙදි විවාහ වෙන්න ඕනනෙ. එහෙම බලාපොරොත්තුවක් තියෙනව බලමු.

සචිනි කරකාර බඳින්නෙ කලා ලෝකයේ කෙනෙක්වද?
නැහැ මේ ක්ෂේත්‍රයේ නෙවෙයි. සමහර විට විවාහයෙන් පස්සෙ මම රඟපායිද කියලත් මම දන්නෙ නැහැ. කැපකිරීමක් කරන්න වුණොත් ඒ දේ කරනව. මොකද පවුල් ජීවිතයනෙ වැදගත් වෙන්නෙ.

සචිනිත් ෂූටිං යද්දි අම්මා එක්ක යන නිළියො අතර ඉන්න කෙනෙක්ද?
දෙවෙනි ඉනිමට ගියපු මුල් දවස් හතරක් විතර ගෙදරින් ආවා. පස්සෙ මම කිව්වා මමත් දැන් ලොකුයිනෙ, මොකටද කවුරුවත් එන්නෙ කියලා අපි පන්තියට කඩේට පෙම්වතා එක්ක තනියෙන් යනවා නම් මොකටද ෂූටිංවලට විතරක් අම්මා එක්ක යන්නෙ එහෙම අවශ්‍ය නැහැනෙ.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!