Gossip

පුංචි තිරය හැඩ කරන ජනප්‍රිය නිළි රුවංගි රත්නායක පෙම්වතා ගැන හෙළි කරයි

පුංචි තිරය හැඩ කරමින් දිදුලන තරු බවට පත් වූ අය අතුරින් රිදී තිරයේ දොරටු විවරවන්නේ අතළොස්සකට පමණකි.
රුවංගි රත්නායක පුංචි තිරය සේම රිදී තිරයද ජයගත් සුරුපී නව යෞවනියකි.
මේ දිනවල තිරගත වන සුභා තෙරණියෝ චිත්‍රපටයේ සුභා තෙරණිය ලෙස ඇය අපූරු රංගනයක නිරත වන්නීය. කලකට පසු රැජිණ කතාබහකට එක් වූ රුවංගි සිය කලා දිවියේ සේම පුද්ගලික ජීවිතයේ තොරතුරුද මේ විදිහට සතිඅන්ත පුවත්තකට හෙළි කරලා තිබුණා.

මොනවද අලුත්ම තොරතුරු
මේ දවස්වල සුභා තෙරණියෝ චිත්‍රපටය තිරගත වනවා. එහි සුභා තෙරණියගේ චරිතය මගේ රංගන ජීවිතයේ සුවිශේෂම අවස්ථාවක්. ඒ ගැන ගොඩක් සතුටුයි.

සිනමාවට වැඩි නැඹුරුතාවයක් දක්වන හින්දද දැන් පුංචි තිරයෙන් දුරස්වන බවක් පෙනෙන්නේ
කිසිදාක පුංචි තිරයෙන් දුරස් වන්නේ නැහැ. හිතට හරියන චරිතයක් ලැබුණොත් කරනවා.
දැනට මා රඟපෑ ටෙලි නාට්‍ය 10ක් විතර විකාශය වන්නට තිබෙනවා. මේ දවස්වල අලුත් නිර්මාණයකට නම් සම්බන්ධ වෙලා නැහැ.

මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වන්නේ නැද්ද?
සම්බන්ධ වනවා. හැබැයි අනවශ්‍ය විදියට ඇදෙන ඒවාට නම් යන්නේ නැහැ.

කොටස් 500න් නිම කරන්න සිතාගෙන ආරම්භ කළ නාට්‍ය ජනප්‍රිය වන විට කොටස් 1000 දිගු කරනවා නම් ඔබ එවැනි ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරනවාද?
කතාව අනුව අපිට තීරණය කරන්න පුළුවන් මෙය දිගු කළාට කමක් නැද්ද එසේ නොකළ යුතුද කියන එක.
බලෙන්ම දිග් ගස්සන නිර්මාණ නම් මම අනුමත කරන්නේ නැහැ.
හැබැයි කොටස් 500කට නිමා කර තිබූ නාට්‍යයක් ඒ කතාව අනුව 1000ට දික් කරන්න පුළුවන් නම් එහෙම කළාට වරදක් මම දකින්නේ නෑ. නමුත් එය අනවශ්‍ය ලෙස ඇදෙන බවක් ප්‍රේක්ෂකයාටත් නොදැනිය යුතුයි.

රුවංගි පූර්ණකාලීනව කරන්නේ රඟපෑම විතරද?
ඔව්.

අපේ රටේ කලාකරුවන්ට පූර්කාලීනව කලාව කරන්න අසීරුයි කියලා ගොඩක් අය කියනවා. ඒක ඇත්තද?
සම්පූර්ණ ඇත්ත … මම කලාවට ඇවිල්ලා ගොඩක් කල් නැහැ. ඒත් මට මතකයි මම එද්දි තිබුණු පසුබිම. අද ඒ තත්ත්වය ඊටත් වඩා පරිහානියට පත්වෙලා.
මේ විදියට ගියොත් ඉදිරියේදී කලාව ගොඩක් අස්ථාවර වෙයි. කලාවට අමතරව විවිධ වෘත්තීන් හා ව්‍යාපෘති වලට යොමුවන්න කලාකරුවන් පෙළඹෙන්නේ ඒ නිසයි.

රුවංගිත් රංගනයට අමතරව වෙනත් ව්‍යාපාරයක් හෝ වෘත්තියක නියැලෙන්න අදහසක් නැද්ද ?
තවම නම් එහෙම හිතල නෑ. ඉදිරියේදී ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමුවන්නත් බැරි නෑ.
මේ රටේ ටෙලි නාට්‍ය කලාව අස්ථාවර තත්ත්වයට පත් වුණොත් අපිත් මොනව හරි කරන්න ඕනනේ.

විවාහයට දැන් කාලය හරි නේද?
කල වයසනම් හරි … ඒත් විවාහය සිදුවන දවස ගැන නම් තවම තීරණය කරලා නැහැ.

රුවංගිට පෙම්වතෙක් ඉන්නවා නේද?
ඔව්.

ඔහු ගැන විස්තර ටිකක් කියන්න
එයා කලාවට සම්බන්ධ නැහැ. ප්‍රසිද්ධ කෙකෙුත් ‍නෙවෙයි. දැනට ඒ විස්තර ඇති. ඉදිරියේදී නම් ගම් සහිතව සියලු තොරතුරු කියන්නම්.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!