තමන්ගේ ඉල්ලීම් දිනාගන්න අද හුගක් අය කරන්නේ පාරට බහින එක.
මේ වැඩෙන් හුගක් වෙලාවට අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු.
තමන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කරගන්න, එහෙමත් නැත්නම් දේශපාලන උවමනා සපුරගන්න සමරු වර්ජනය කරනවා.
ඒ විදිහට දුම්රිය වර්ජනයකුත් අද සිදුවෙනවා.
මේ වර්ජනයෙන් දුක් විදින්නේ, පීඩා විදින්නේ අසරණ ජනතාව.
හිතුනු වෙලාවට දුම්රිය වර්ජනය කරනවා.. තවත් වෙලාවක ටිකට් කවුන්ටර් වහලා දානවා.
මිනිස්සු ලක්ෂ ගාණක් මහ පාරේ අතරමං කරලා තමන්ගේ පෞද්ගලික බූදලයක් වගේ පොදු ප්රවාහන සේවය මොවුන් සෙල්ලමකට අරගෙන.
එක්කෝ මේ කාලකන්නි රාජ්ය සේවාව නැතිව මේක පෞද්ගලීකරණය කරන්න ඕනේ. නැත්නම් ස්ට්රයික් පටන් ගන්න මුල් වෙන සමහර අතකොලු කනෙන් අල්ලලා එළියට දාන්න ඕනේ.
මේ විදිහට අපි සටහනක් තබන්න හිතුවේ ගැබිණි මවක් කාර්යාලීය දුම්රියකට ගොඩවීමට දරණ උත්සහය දැක්වෙන ඡායාරූපයක් එක්ක හුඟක් දෙනෙක් අදහස් දක්වා තිබීම.
එම ඡායාරූපය පහතින්…
