ගායන ශිල්පී රහල් අල්විස් කියන්නේ පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක්.
ඒ රූපවාහිනී වැඩසටහනක් අතරතුර දුරකතනයෙන් සම්බන්ධ වූ ප්‍රේක්ෂිකාවකට ආවේගශීලීව කටයුතු කිරීම නිසායි.
ඒ නිසා සමාජජාල මාධ්‍යයන්වල පවා රහල් අල්විස්ට විවිධ විවේචන එල්ල වුණා.
දැන් ඔහු ගැන අලුත් කතාවක් පැතිරෙමින් පවතිනවා.
ඒ රහල් අල්විස් විසින් මගමගදී තරුණියකට පහර දෙන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන ඇතුළත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය පුරා හුවමාරු වීමත් සමගයි.
අදාළ සිදුවීම සත්‍යය සිදුවීමක් එසේත් නැත්නම් ඔහුගේ අලුත් මියුසික් වීඩියෝවක ඇතුලත් දර්ශනයක්ද යන්න තවමත් තහවුරු වී නැහැ.
