තමන් විසින් සිදුකරපු සොරකම පිළිබඳව කම්පාවට පත්වෙලා, සොරකම් කරන ලද මුදල් පසුම්බිය හෝ එහි තිබු මුදල් නැවත ලබාදෙන්නට තරම් සොරෙකුගේ සිත වෙනස් වෙන්නට පුලූවන්ද ?
චිත්‍රපටි වල සිදුවුනත්, සැබෑ ජීවිතයේදී නම් එවන්නම් සිදුවිය නොහැකියි නේද ?
එක්තරා පුද්ගලයෙක්ගේ මුදල් පසුම්බිය මීට අවුරුදු 12කට පමණ ඉහතදී ගැට කපන්නෙකු විසින් සොරකම් කර තිබෙනවා. නමුත් ඔහුව පුදුමයට පත්කරමින්, එම මුදල් පසුම්බිය සොරකම් කරපු පුද්ගලයා තමන් සිදුකරපු ක්‍රියාව පිළිබඳව සමාව ඉල්ලමින් ඩොලර් 250ක් සහිත නිර්නාමික ලියුමක් ඔහුට ඒවා ඇති බවයි වාර්තා වන්නේ.
කැබ් රථ රියදුරෙක් විදියට 2004 වර්ෂයේදී රැකියාව කරන කාලයේදී තමයි ඔහුගේ මුදල් පසුම්බිය නැතිවුනේ. එය තම කලිසම් සාක්කුවෙන් කෙසේ ගිලිහී ගියාද කියන්න ඔහුට මතකයක් තිබුනේ නැහැ. එම මුදල් පසුම්බිය සමග ඔහුගේ යුරෝ 200ක මුදලක් සහ රියදුරු බලපත්රයද අහිමිවී තිබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එලෙස ඔහුට අහිමිවී තිබුනේ මුළු සතියක් පුරාවටම වෙහෙස මහන්සිවී ඔහු උපයාගත් මුදලයි. එම මුදල අස්තානගතවූ නිසා ඔහුගේ මුළු පවුලම ඉතාමත්ම අසරණ වුනා කිව්වොත් නිවැරදියි.
ශතවර්ශයකටත් වඩා වැඩි කාලයක් ගතවූ නිසා එම සිදුවීම සම්පූර්ණයෙන්ම වගේ අමතකව තිබු අවස්තාවක තමයි ඔහුට ඩොලර් 250ක් සහිත නිර්නාමික ලියුමක් ලැබුනේ.
එය සොරකම් කරනු ලැබූ පුද්ගලයා විසින් එවන ලද ලිපියේ සඳහන්ව තිබුණු විස්තර ඔබට පහතින් දැකගන්නට පුළුවන්.
අබුබකාර් ලොර්ගොට් වෙත,
අවුරුදු 15කට පමණ ඉහතදී මා ඔබගේ මුදල් පසුම්බිය සොරකම් කළා. ඒ පිළිබඳව මා අතිශය කනගාටු වෙන අතර ඔබගෙන් සමාව අයද සිටිනවා. මා ඔබගෙන් සොරකම් කරනු ලැබූ මුදල් මෙම ලිපිය සමග එවීමට කටයුතු කර තිබෙනවා.
සොරාගේ ප්‍රකාශය දැක සංවේගයට පත්වූ අබුබකාර් මහතා ලියු පිළිතුරු ලිපිය පහත දිස්වෙනවා.
වසර ගණනාවකට පසුව ඔබ එවූ මුදල් දුටු මම ඇත්තටම පුදුමයට පත්වුනා. අවුරුදු ගණනකට පෙර සිදුකරපු වරදක් ගැන සිත උණුවී නැවත එම වරද නිවැරදි කරගැනීම සඳහා ඔබ දැරූ උත්සහය සැබවින්ම අගය කරනවා. ඔබ සිදුකරපු දෙය බොහෝ දෙනෙක්ට හොඳ ආදර්ශයක්
එම මුදලින් සුළු කොටසක් තම දරුවන් වෙනුවෙන් වෙන් කරපු අබුබකාර් මහතා, ඉතුරු කොටස දුප්පතුන් වෙත ලබාදීමට කටයුතු කළා. ඉන්දියාවේ වෙසෙන තමන්ගේ අම්මව බලන්න යන ගමන සඳහාත් ඉන් කොටසක් වෙන් කරන්නට ඔහු අමතක කරේ නැහැ.
අවුරුදු 12ක් ගතවූ පසුවත් තම වරද නිවැරදි කරගැනීමට කටයුතු කරනු ලැබූ එම පුද්ගලයාගේ ක්‍රියාව අගය කළ යුතුයි.