තරු හුට පට

ලොවම කම්පා කරවමින් බැරැක් ඔබාමා ප්‍රසිද්ධියේ හඬා වැටුණු හැටි..

index

ලෝක බලවතා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කවුද හිතන්නේ ලෝක බලවතා නිකමටවත් අඬයි කියලා. අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා කඳුළු සළමින් අඬනවා දකින්න ලැබුණොත් ඒක දුර්ලභ සිද්ධියක්. එහෙම සිද්ධියක් ගැනයි මේ කියන්න යන්නේ.

ඔබාමා සිය විධායක බලතල භාවිතා කරමින් ආයුධ පාලනය ගැන නීති පැනවීම පිළිබඳ ගිය අඟහරුවාදා අදහස් දක්වමින් සිටියා. මෙහෙම අදහස් දක්වමින් සිටියදී මෙන්න ඔබාමාගේ ඇස්වලට කඳුළු එනවා.

ඒ ගැන අමෙරිකාවේ ජනප්‍රිය පුවත්පතක් ‍වන “වොෂින්ටන් පෝස්‌ට්‌” වාර්තා කරලා තිබුණේ මේ වගේ. “ජනාධිපති ඔබාමා අද ප්‍රසිද්ධියේම කඳුළු සැලුවා. එය හොඳ දෙයක්‌”.

ඔබාමා එතනදී අඬන්න ගත්තේ පරණ කතාවක් මතක් කරලා. ඒ තමයි 2012 දී සැන්ඩ්හුක්‌ ප්‍රාථමික පාසලට එල්ලවූ ප්‍රහාරය. 2012 දෙසැම්බර් 14 එල්ල වූ මෙම ප්‍ර‍හාරයෙන් දරුවන් 20ක්‌ හා ගුරුවරුන් 6ක් මියගියා. ඝාතනය වූ දරුවන් 20 දෙනාම අවුරුදු 6 හා 7 වයසේ පසුවන අයයි.

ඒ ගැන සිහිකර කතාව මතක් නවතා ඔහු කඳුළු පිසදාගත්තා.
මේ ප්‍රහාරයත් සමග අමෙරිකාවේ අවි පාලන නීති දැඩි කළ යුතු බව ජනපති ඔබාමා කියා සිටියා. ඔහුට කඳුළු සලන්න වුණේ මේ විපත සිහිකරලයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!