කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ දරුණු නායයාමෙන් මලී සහ අත්තම්මා ටෙලි නාට්‍යය වලට සම්බන්ධ වූ නව පරපුරේ ගායකයෙකු වන ප්‍රසාද් දෙනෙත් ද මියගොස් තිබෙනවා.
ඔහුගේ මව වන කි‍්‍රෂාන්ති ධම්මිකා මීගහතැන්න වත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙස සේවය කළ අතර අවුරුදු 15ක් පමණ කාලයක සිට එම වත්තේ නිල නිවසේ සිය පවුලම ජීවත්ව සිට ඇති බවට වාර්තා වෙනවා.
ප්‍රසාද් රැකියා කටයුතු කළේ කොළඹ වුවත් එදින නිවාඩු ලබා නිවසට ගොස් තිබිණ. ඔහු එසේ නිවසට ගොස් සිටියදි මෙම නායයාම සිදුවු අතර එම සිද්ධියෙන් ඔහුගේ පවුලේ පියා හැරෙන්නට අනෙක් සියලූ දෙනාම නායයාමට ගොදුරුවී මියගොස් ඇත.
අදාළ සිදුවීමෙන් ප්‍රසාද් දෙනෙත්ගේ මව, වැඩිමහල් සෙහොයුරා සහ ඔහුගේ බිරිඳ මෙන්ම කුඩා දරුවාද මියගොස් ඇති බව අදාළ සිද්ධියෙන් ජීවිතය බේරාගත් ප්‍රසාද් දෙනෙත්ගේ පියා වන යෝගරාජන් මහතා අප වෙත කියා සිටියේය.
මිය යන විට ප්‍රසාද් දෙනෙත් වයස අවුරුදු 22ක් බව වාර්තා වෙයි.
සංගීත ක්ෂේත්රයට මහත් සේ ඇලුම් කළ ප්‍රසාද් කුඩා සංගීත කණ්ඩායමක් පවා නිර්මාණය කරගනිමින් ඊට අදාළ සංගීත භාණ්ඩ පවා දුෂ්කරතා මැද්දේ වූවත් මිලදී ගෙන එහි වැඩකටයුතු සිදුකරගෙන ගොස් තිබේ.
ප්‍රසාද් දෙනෙත් නම් තරුණයා ඉතා අවංක මෙන්ම නිහතමානී පුද්ගලයෙකු බවට ඔහු පිළිබඳ තොරතුරු විමසන අවස්ථාවන්හීදි අපට දැනගන්නට ලැබුණි.
ප්‍රසාද්ගේ පියා වන හතලිස් නව හැවිරිදි එස්. යෝගරාජා මහතාගේ ගේ ජීවිතය බේරි ඇත්තේ ඔහු රැකියාව සඳහා අළුයම 4.00 ට පමණ නිවසින් පිටවගොස් සිටි බැවිණි.
මේ වන විට ප්‍රසාද්ගේ වැඩිමහල් සොහොයුරාගේ සිඟිති දියණියගේ මළ සිරුර පමණක් හමුවී ඇති බවට ප්‍රසාද්ගේ පියා අප වෙත කියා සිටියේය.