තීන්ත ඩොල්ෆින් ලෝකයේ දුර්ලභ සහ වඳවීගන යන වර්ගයක් ලෙස සැලකෙනවා. මේ වර්ගයට අයිති පිංකි තමයි දැනට දැකගන්න ඉන්න එකම දුර්ලභ ජීවියා.ඇයව අවුරුදු 12ට පෙර කැප්ටන් එරික් රූ විසින් දැක තිබෙනවා. මෙම අතිශයෙන්ම දුර්ලභ රෝස පාට ඩොල්ෆින් ආයෙත් පාරක් දකින්න ලැබිලා තියෙන්නේ අලුතින් බිහිකරපු රෝස පාට පුංචි පැටවෙකු සමග බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
පිංකි ගේ රෝස පාට පුංචි පැටවා ඇය ලගින්ම පිහිනමින් යන ආකරය දැක්වෙන විඩියෝ ක්ලිප් එකක් සමාජ ජාල හරහා මුදා හැරලා තියෙනවා.
මෙම පැටවා පිංකිගේ ජාන විකෘතිය බෙදා ගනිමින් ඉපදීම මෙම දුර්ලභ විශේෂයේ සංරක්ෂණයට අවම බලාපොරොත්තුවක් බවට ඔවුන් වාර්තා කරනවා.