Gossip

අයිස්ලන්ත වෙරළ තීරයක නොවිසඳුණු අභිරහස – වීඩියෝ

බටහිර අයිස්ලන්තයට ඉහළින් පියාසර කරපු හෙලිකොප්ටරයක සිටි අයට දුරස්ථ වෙරළ තීරයේ මියගිය පයිලට් තල්මසුන් 50ක් පමණ දැකගන්න ලැබිලා තියෙනවා. සමුද්‍ර ජීව විද්‍යා එඩ්ඩා එලිසබෙට් මැග්නුස්ඩොටිර් පවසන්නේ පයිලට් තල්මසුන් සාමාන්‍යයෙන් විශාල කණ්ඩාම් ලෙස පිහිනන බවත් ඔවුන් නොගැඹුරු ජලයට ඇතුළු වන විට ව්‍යාකූල තත්වයට පතවන බවත්ය.

මෙලෙස විශාල ලෙස තල්මසුන් කණ්ඩායම් වශයෙන් ගොස් අතරමං වීම සිරස්තලයක් ලෙස අහන්න ලැබෙන පළමු අවස්ථාව මේක නෙවේ. 2018 දී නවසීලන්තයේ දූපතක පයිලට් තල්මසුන් 140කට අධික ප්‍රමාණයක් මුහුදු වෙරළෙන් හමුවී තිබෙනවා.ඔවුන් සොයාගන්නා විට ඔවුන්ගෙන් අඩක් පමණ මියගොස් තිබෙනවා.අනෙක් භාගය බේරාගැනීමට මිල අධික හා දුෂ්කර කටයුත්තක් නිසා අතහැර දැමීමට සිදුව තිබෙනවා.

තල්මසුන්ට මේසේ සිදුවීමට ප්‍රධාන හේතුව වන්නෙ මධ්‍ය සංඛේතයන් සක්‍රීය සොනාර් මගින් ව්‍යාකූල වීමයි. එහි ප්‍රතිළුලයක් විදියට ඔවුන් නොගැඹුරු ජලයට සංක්‍රමණය වීම සිදුවෙනවා. මෙසේ සංක්‍රමණය වන විට නොමග ගියොත් ඔවුන් ගොඩබිමට පැමිණිය හැකි. එතැන් සිට ඔවුන්ගේ මරණය විජලන තත්වය ඇතිවීම හේතුවෙන් සිදුවෙන්න පටන් ගන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!