අවුරුදු 12ක් පමණ වන විට ගැහැණු ළමුන්ට පුරුෂ ලිංගයක් වර්ධනය වන නගරයක් ගැන අසන්න ලැබෙනවා. ඒ ඩොමිනිකන් ජනරජයෙන්. එහි කුඩා නගරයක වෙසෙන බොහෝමයක් වයස අවුරුදු 5 සම්පූර්ණ වන ගැහැණු ළමුන්ට පුරුෂ ලිංග වර්ධනය වන බව සොයාගෙන තිබෙනවා. මේ ගැන කතා පුවතක් බී.බී.සී ලෝක සේවය විසින්ද වාර්තා කර තිබෙනවා.
ගැහැණු ළමුන්ට පුරුෂ ලිංග වැඩෙන නගරය ගැන එහි මෙහෙම සඳහන් කර තිබෙනවා.
ජොනී දිවි ගෙවන්නේ ඩොමිනිකන් ජනරජයේ කුඩා නගරයක. ‘ගුවේවඩොසිස්’ නමින් හැඳින්වෙන පිරිසට අයත් ජොනී වැනි තවත් අය මේ කුඩා නගරයේ සිටිනවා. ‘ගුවේවඩොසිස්’ යන නාමයට ඉතා කිට්ටුවෙන් යන සිංහල පරිවර්තනය ‘දොළොස් වියේදී පුරුෂ ලිංගය’ ලෙස දැක්විය හැකියි.
ජොනී ජීවත් වුණේ ගැහැණු ළමයෙක් ලෙසින්. ජොනී වැඩිවියට පත් වීමෙන් අනතුරුවයි ඔහුගේ පුරුෂ ලිංගය වැඩෙන්නට පටන් ගත්තේ. වයස අවුරුදු පහ පසු කරද්දී පුරුෂ ලිංගය වැඩෙන්නට පටන් ගත් තවත් ගැහැණු දරුවෙකු මේ නගරයේදී වාර්තාකරුවන්ට හමු වුණා. ‘ගුවේවඩොසිස්’ දරුවන් මේ නගරයේ විරල නැහැ.
ගැහැණු ළමුන් පිරිමි ළමුන් බවට පත් වන මේ නගරය ගැන සැල වූ වහාම මුලින්ම එහි ළඟා වූ ඇමරිකානු වෛද්‍යවරිය වූයේ ජුලියාන් මැගින්ලි. ඒ හැත්තෑව දශකයේදී. මේ අබිරහස ගැන පර්යේෂණ කළ ඇය එහි විද්‍යාත්මක හේතුව හෙළිදරව් කළා. ජාන සංයුතියේ ඇති විකෘති භාවයක් නිසා පිරිමි ළමුන්ගේ ලිංගේන්ද්‍රිය පසුව වැඩෙන බව ඇය සොයා ගත්තා.
හැත්තෑව දශකයේ සිදු වූ මේ හෙළිදරව්ව ඔස්සේ ගිය තවත් පර්යේෂකයෙකු ඒ සඳහා ඖෂධයක් නිපදවීමට සමත් වුණා. ඉහත කී ජාන විකෘතිය සහිතව ලොව පුරා උපදින දරුවන්ට ඒ ඖෂධය අද පිළිසරණක් වී තිබෙනවා.
