Gossip

බිලියනපතියෙකු පරාජයට පත්කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ බයිසිකල්කාරයා – Photos

මේ වනවිට මුළු අන්තර්ජාලය පුරාම ජනප්‍රිය පුද්ගලයෙක් බවට BJP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඔහීෂා බාලසූරේ ප්‍රටාප් සරංගී පත්වෙලා තියෙනවා.
ඔහු මෙසේ ජනප්‍රිය වන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඔහුගේ සරල ජීවන රටාව මෙන්ම ඔහු දැඩි කැපවීමකින් සමාජ සේවයේ යෙදෙන නිසා බවට තමයි වාර්ථා වෙන්නේ.
ඔහීෂා බාලසූරේ ප්‍රටාප් සරංගී 64 වැනි වියේ පසුවනවා.
ඔහු කා අතරත් ප්‍රචලිත වන්නේ ඔහිෂා නරේන්ද්‍ර මෝඩි ලෙසයි. ඔහු කොච්චර සරලද කිව්වෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙලත් ඔහුට බංගලාවක් හෝ කිසිම දේපලක් නැහැ.
ඒ වගේම ඔහුගේ වාහනය ලෙස භාවිතා කරන්නෙත් බයිසිකලයක්.
බිලියනපතියකු වන බී. ඩී. ඩබ්ලිව්. රබින්ද්‍ර කුමාර් ජෙනාව 12956 ක ඡන්ද ප්‍රතිශතයකින් පරාජය කළ ඔහීෂා බාලසූරේ ප්‍රටාප් සරංගී මෙවර BJP පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්ව ති‌බෙනවා.
සාරංගි කිසිදිනක විවාහ නොවූ අතර පසුගිය වසරේ ඔහුගේ මව මිය ගිය තුරු ඇය සමඟ රැඳී ජීවත්වෙලා තියෙනවා.
ඔහු BJPහි මෙන්ම RSS හී ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔහු විසින් බාලසූරියේ හා මයුර්භාන්ජ් දිස්ත්‍රික් වල ගනා ෂික්ෂා මන්දිර් යෝජනා යටතේ දුෂ්කර ගම්මාන සදහා සියගණන් පාසල් විවෘත කර ඇත.
ඒ වගේම ඔහු සමාජය දැනුවත් කිරීම සදහා මත්ද්‍රව්‍ය, දූෂණය, සමාජ අසාධාරණය සහ පොලිස් දූෂණ ක්‍රියාකාරකම් වලට එරෙහිව උද්ඝෝෂණ වැඩපිළිවෙළක් දියත් කර ති‌‌බෙනවා.
ඔහුගේ මේ සමාජවාදී ක්‍රියාකලාපයන් නිසා ඔහු වටා බොහෝ දෙනා එකතු වී සිටිනවා. ඒ වගේම ඔහුගේ සමාජ සේවවන් දැක්වෙන ඡායරෑප මාධ්‍ය ඔස්සේ ඔහුව ප්‍රශංසා කරමින් හුවමාරු වෙමින් තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!