Gossip

උඩ පන්දුව රැක ගැනීමට ගිය ශෙහාන් සහ මෙන්ඩිස් ආබාධයට ලක්වෙද්දී නිරෝෂන් දික්වැල්ල සියල්ලන්ගෙන්ම සමාව ඉල්ලයි

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට නවසීලන්තය ඊයේ සමත්වුණා.
මෙම තරගය ජාත්‍යන්තර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 9 ක් දැවී ලකුණු 161 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පැමිණි නවසීලන්තය පන්දුවාර 19 යි පන්දු 4 කදී කඩුළු හයක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.
මෙම තරගයේ අවසන් පන්දුවාරයේදී වනිදු හසරංග විසින් ක්‍රියාත්මක කළ අතර මිචෙල් සෑන්ට්නර් උඩපන්දුවක් ලබාදුන්නා.
එම උඩ පන්දුව රැක ගැනීමට ශෙහාන් ජයසූරිය දිව ආ අතර කුසල් මෙන්ඩිස්ද ඒ සඳහා උත්සහයක් ගත්තා.
එහිදී දෙදෙනා ගැටුණු අතර එයින් සුළු ආබාධයන්ට දෙදෙනාම ලක්ව ඇැති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.
තරගය අවසානයේදී මාධ්‍ය අමතමින් මැදපෙල පිතිකරුවෙකු වූ නිරෝෂන් දික්වැල්ල තරඟ පරාජය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!