ක්‍රිකට් පිටියේ දී විනිසුරුවරුන්ද හිස් ආවරණ පැළඳිමට තීරණය කර තිබෙනවා
ඒ තරඟයක් අතර තුර සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා බවයි පැවසෙන්නේ
පළමු පෙළ තරගවලදී මෙන්ම ලීග් තරගවලදී විනිසුරුවරුන් හිස් ආවරණ භාවිත කරනු දැකගත හැකිවුවද මේ වනවිට ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පවතින එක්දින තරගාවලියේදීද විනිසුරුවරුන් හිස් ආවරණ භාවිත කරනු දැකගන්නට ලැබෙනවා
අද පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදීද විනිසුරු ජොන් වර්ඩ් හිස් ආවරණයක් භාවිත කරමින් පිටියට පිවිසියා
බිග්බෑෂ් ලීග් තරගාවලියේදී විනිසුරු ජෙරාඩ් ඇබූඩ් දෙසැම්බර් 30 වැනිදා හිස් ආවරණයක් භාවිත කරමින් විනිසුරු කාර්යයේ යෙදීම මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා
ඔස්ට්‍රේලියා – ඉන්දියා තරගයේදී විනිසුරු ජොන් වර්ඩ් හෙල්මටයක් සහිතව සිටින අයුරු පහතින් දැක්වේ
