පසුගිය නිදහස් දින උළෙලේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරා කියලා කොයි කවුරුත් දන්න කාරණයක්නේ.
ඔන්න දැන් ඒ ගැන තවත් කතාවක් යනවා. ඒ මොකද දන්නවාද එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය විසින් ඇයගේ ට්විටර් ගිණුමෙන් ශ්‍රී ලංකාවට සුබ පැතීමත් සමඟයි.
ඒ ට්විටර් පණිවිඩයෙන් කියවෙන්නේ කොළඹදී මෙන්ම වොෂින්ටනයේදීද ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කරනු ලැබූ බවයි.
ඔන්න දැන් ඒ පණිවිඩය නිසා ආයෙමත් කට්ටිය මේ ගැන අතන මෙතන කතා කරන්න පටන් අරගෙන.
