ආදරේ කියන්නේ හරි අපූරු බැඳීමකට.
ඒ මේ බැදීමේ වටිනාකම දන්න අයනම් අද සමාජයේ දකින්න ලැබෙන්නේ අඩුවෙන්.
හැබැයි අපි මේ කියන්න යන්නේනම් අවංක ආදරයක් කඳුළු කතාවකින් අවසන් වුණු සිදුවීමක් ගැනයි.
මෙම සිද්ධිය වාර්තා වන්නේ නවසීලන්තයෙන්.
Navar Herbert කියන්නේ වයස අවුරුදු 22 ක තරුණයෙක්.
ඔහු එරට ක්‍රීඩා සමාජයක පාපන්දු ක්‍රීඩකයෙක්.
ඔහුට ආදරය කරන යුවතියක් මුණ ගැහෙනවා. ඇය නමින් Maia.
මේ ආදරණීය යුවළට පුතෙකු එකතු වෙනවා. හැබැයි මොවුන් දෙදෙනා විවාහ වෙලානම් නෙවෙයි හිටියේ.
මේ අතරතුර Navar සැරින් සැරේට අසනීප වෙන්න පටන් ගන්නවා.
රෝහල් ගතවීමෙන් පසුව ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ Navar මොලයේ පිළිකාවක් ඇති බවයි.
දවසින් දවස ගත වෙද්දී Navar අසාධ්‍ය තත්ත්යට පත්වෙනවා.
මේ ගැන දැනගත්තු බිරිද දින කිහිපයකට හෝ Navarගේ බිරිද වෙන්නට හිතනවා.
තම පෙම්වතාව සතුටින් අවසන් ගමන යවන්නට ඔහුව විවාහ කරගන්න Maia තීරණය කරනවා.
Navar පසුගියදා සියල්ලන්ම හඬවමින් අවසන් ගමන් යනවා.
Maia ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.
අද මට හරිම දුක හිතුනු දවසක්. හතවතට හරි මහන්සියි. මට නැතිවුණේ මගේ හොදම යාළුවා වගේම හොඳම සැමියා. ඒ වගේම මගේ පුතාගේ තාත්තා. අපේ ජීවිතවල එයාගේ මතකයන් තියේවි. මේ මතකය මගේ හදවතේ විශේෂ තැනක් ගන්නවා. ඔහුව දවසකට හරි සතුටින් තැබූ සියළු දෙනාට මම ඔහු වෙනුවෙන් ස්තූති කරනවා. මම ඔහුගේ මතක එක්කම ජීවත් වෙනවා.