තරු හුට පට

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කළේ මෙහෙමයි (වීඩියෝ)

srilanka-flag

1949 නිදහස් දිනයේදී මේරටේ ජාතික ගීය භා‍ෂා දෙකකින් ගැයිණි. එකක් සිංහල භාෂාවෙනි. අනෙක දෙමළ භාෂාවෙනි.

ඒ කොහොම වුණත් පසුගිය කාලය තුළ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම පිළිබඳ එක එක තැන් වල එක එක කතා අපට අහන්න ලැබුණා.  පාසල් සිසුන්ට රජයෙන් ලබාදෙන පෙළ පොත්වල පවා සිංහලෙන් සහ දෙමළෙන් යන භාෂා දෙකෙන්ම ජාතික ගීය මුද්‍රණය කරලා තිබුණා කියලා ඔයාලට මතක ඇතිනේ.

ඒ කොහොම වුණත් ඔන්න අද පැවති 68 වන ජාතික නිදහස් දින උළෙලේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරා.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරනවා අහලවත් නැති ගොඩක් අය මේ වන විට ඉන්නවානේ ලංකාවේ. ඔන්න එයාලට බලාගන්න අද ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

 

අද දිනයේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පිළිබඳ නිටෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබු අයුරු

harsha

eran

 

 

 

1 Comment

1 Comment

  1. Gayan

    February 4, 2016 at 7:26 pm

    ONE COUNTY .. ONE FLAG .. ONE NATION .. TWO NATIONAL ANTHEMS.

    මේක ජාතික ගීයක් නෙව‍ෙයි දැන් … ජාති කීපයක ගීයක් වෙලා බොල. රටක තියෙන්න ඕනෙ එක ජාතික ගීයයි කියල මුන්ට අමතක ව‍ෙලා…

    රටක ජාතීන් කීපයකට එකට සාමයෙන් ඉන්න අයිතියක් තියෙනව.අපේ රට‍ේ වුනත් එහෙමයි. මේ හැමෝටම ශ්‍රී ලාංකික කියල අඩම්භරයෙන් කියන්නත් අයිතිය තියෙනව. හැබැයි තියෙන්න ඕනෙ එක ජාතික ගීයයි බොල. ඒවගේම මහ ජාතියක් කියල එකක් තියෙනව. මහ ජාතියට තියෙන්න ඕනෙ ගෞරවයක්. ඒ වගේම මහ ජාතියේ මිනිස්සුත් දැන ගන්න ඕනෙ අනිත් ජාතීන්ටත් ගරැ කරන්න. මේ හැම‍ෝම දැනගන්න ඕන‍ෙ සාමයෙන් ඉන්න. හැමෝටම එකා වගේ සලකන්න පුළුවන් වෙන්න ඕන‍ෙ.

    ජාතික ක‍ොඩිය මේ හැම ජාතියක්ම නියෝජනය කරනව, ඒක ඇත්ත. ඒ ජාතීන් අතර සහජීවනය පෙන්නුම් කරන්න මිසක්, හැම ජාතියටම ඕන විධිහට ජාතික ගීය වෙනස් කරන්නයි., රටෙන් කෑල්ලක් දෙන්නයි,, වෙනම පාලනයක් දෙන්නයි., කියල කියන්නෑ බොල. මුන් හිතන් ඇති ජාතික ගීය දෙමළෙන් කිව්ව කියල ජාතීන් අතර සහ ජීවනය ඇති වෙනව කියල. අන‍ේ යකෝ… ඇත්තම අහිංසක දෙමළ මිනිස්සුන්ට ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා. ඒව දිහා බලපල්ලා.

    අනිත් සුළු ජාතීන්ගෙ ප්‍රශ්න දිහා බලන්න ඕන‍ෙ … ඒවට විසදුම් දෙන්න ඕනෙ. හැබැයි තමන්ගෙ රට ජාතිය ආගම පාවල දීල නෙව‍ෙයි බ‍ොල.

    *** අනික කවුරැ හරි රටක තියෙන ජාතික ගීය වෙනස් කරනවනං.., ඒක කියන්න ඕන‍ෙ ඒ රට‍ේ භාෂාවන් නවෙයි වෙනත් භාෂාවකින් කියල කියනවනං… රටෙන් වෙනම කෑල්ලක් ඉල්ලනවනං… වෙනම පාලනයක් ඉල්ලනවනං ඒක තමයි බොල ජාතිවාදය. නැතුව ව‍ෙ න එකක් න‍ෙව‍ෙ.

    කොයි පක්ෂෙ වුණත් මොකා වුණත් මේ බත් කන ගොං හරක් දේශපාලුවන් ඉන්න‍‍ෙ තමන් ගැන හිතන්න මිසක් රට ගැන හිතන්න න‍ෙවයි , කොයි පක්ෂෙ ආවත් එකයි කියල දැන්වත් තේරැම් ගනිල්ල. කවුරැ කරත් ඇත්ත කතා කරන්න එපැයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!