මේ වන විට මතභේදාත්මක කරුණක් සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වෙමින් සිටිනමුත්තයියා මුරලිදරන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ සුපිරි පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩ කිහිපයක්ම නිකුත් කර තිබෙනවා.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ මුරලි ශ්‍රී ලංකාවේ කීර්තිමත් පුත්‍රයෙකු බවත් ඔහු ලංකාවට සැමදා ආදරය කරන බවත්. මුරලි ඔහුගේ හොඳම දේ ලබා දෙන්නේ සිය රටට බවත් සංගා සිය ට්විටර් පණිවුඩයෙන් සටහන් කර තිබෙනවා.

