පාකිස්ථානු මාධ්‍යවේදිනයක් වන Munazza Jilani හට WhatsApp පණිවිඩ මගින් අයුතු යෝජනා කල බව එම මාධ්‍යවේදිනිය Twitter පණිවිඩ ඔස්සේ ජාත්‍යන්තරයටම එලි කළා. කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත්කර කියා සිටියේ මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා ක්‍රිකට් ආයතනය නියෝජනය කල පුද්ගලයෙකු නොව තරඟ සංචාරයට එක්වූ මාධ්‍යවේදීයෙකු බවයි.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නැවතත් කතාබහට ලක්ව තිබෙනවා.
එයට හේතුව වන්නේ සිද්ධියට අදාළ මාධ්‍යවේදියා නැවතත් අදාළ පාකිස්ථානු මාධ්‍යවේදිනිය වෙත එස්. එම්.එස් පණිවුඩයක් නිකුත් කර තිබෙන බව දැක්වෙන Twitter පණිවිඩයක් එම මාධ්‍යවේදිනිය විසින් නැවතත් නිකුත් කිරීම නිසායි.
එම Twitter පණිවිඩය පහතින්.
