වර්ෂ ගණනක සිට වඳුරෙකුගේ මුහුණක් අන්තර්ජාලය පුරාම ජනප්රිය වුණා.
ඇතැම් තරුණයින් මුහුණු පොතට එක් කරන ඡායාරූප සදහා උත්තර දුන්නේ මේ වඳුරාගේ ඡායාරූපය පළකරමින්.
නමුත් මේ ඡායාරූපය පිටුපස තිබෙන්නේ ලස්සන කතාවක් බව කවුරුත් දන්නේ නැහැ.
2011 වර්ෂයේ මේ වඳුරා David Slater කියන ඇමරිකානු ඡායාරූප ශිල්පියා ඉන්දුනීසියාවේ වනයකට ගිය මොහොතේ ඔහු කැමරාව තබා ගිය මොහොතක ඔහුගේ කැමරාව වඳුරෙක් හොරෙන් අරගෙන selfie එකක් ගන්නවා. පසුව මෙය මොහු අන්තර්ජාලයට මුදා හරිනවා. පසුව ඉන්දුනීසියාවේ සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානයක් විසින් මෙම ඡායාරූප ශිල්පියාට එරෙහිව නඩුවක් පවරනවා.
මෙම නඩුව විභාග වන්නේ වර්ෂ 2011 සිටයි. එහි නඩු තීන්දුව පසුගියදා අධිකරණය විසින් ප්රකාශයට පත් කරනවා. ඒ මෙම ඡායාරූප ශිල්පියා එම නඩු විභාගයෙන් නිදහස් කර ජය ලබා දෙමිනුයි.