සිංහල ගීත සාහිත්‍යය තුළ වැඩියෙන්ම සිංහල බෞද්ධ ගීත ගායනය කර ඇත්තේ ජනප්‍රිය “මොහිදීන් බෙග්” ගායකයාය.
අදත් ඒ ගීත වෙහෙර විහාරවල බෞද්ධ උත්සවවල රැව් පිළිරැව් දෙයි.
මොහිදීන් බෙග් නම්වූ සිංහලයාටත් බෞද්ධයාටත් ආදරය කළ ඒ උතුම් ගායකයා රෝහල්ගත වී ජීවිතයේ අන්තිම හුස්‌ම පොද පිටකරන්නට පෙර සියපුතු ළඟට ගෙන මෙසේ කියූ බව ජනප්‍රවාදයේ පවතී.
“මා හරිහම්බ කළ දෙයක් නෑ පුතේ. ධාතුසේන රජතුමා ජනතාව වෙනුවෙන් කලාවැව හැදුවාක් මෙන් මම බෞද්ධ ජනතාව සමග ජීවත් වෙමින් ඔවුන්ට බෞද්ධ ගීත ගායනා කළා.
මම මුදලින් හම්බ කළ දෙයක් නැතත් අදත් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව මට ආදරෙයි. මේ නිසා මේ බෞද්ධ රටේ අන්තිම සිංහල බෞද්ධ පවුලත් ජීවත්වනතුරු ඔබට කෑම අහේනියක් වෙන්නේ නෑ පුතේ. මට එය විශ්වාසයි.
මරක්‌කල මිනිසා බෞද්ධ ජනතාවට ආදරය කළේ මේ අන්දමටය.
මොහිදීන් බෙග් නම්වූ මේ ජනකාන්ත ගායකයා මියයාමෙන් පසු එතුමාගේ දේහය කනත්ත කරා ගෙන යද්දී එතුමාට ගරුකළ කලා ශිල්පියෙකු ලෙස මේ අවමඟුල් පෙරහැරට එක්‌වීමි.
ඒ උතුම් දේහයට අත තියන්නට එතුමාගේ පුතාටවත් ඉඩ නොලැබිණි. දේහය සුසාන භූමිය කරා ඔසවාගෙන ගියේ සිංහල බෞද්ධයෝය.
හදවතින්ම ගලාගිය සැබෑ සංහිඳියාව මෙය නොවේද? දේශපාලකයන්ගේ මායාකාරී සංහිඳියාව වෙනුවට මොහිදීන් බෙග්ගේ මෙම සිංහල බොදුජන හදවත් ගතවූ සංහිඳියාවට පණ දෙන්නේ නම් පාස්‌කු ඉරිදා ඇතිවූ මිනිස් ඝාතන යළි මේ රටේ සිදුවිය නොහැකිය.