ඉන්දියාවේ බැංගලෝර් නගරයේ පාසලකට හදිසියේ දිවියෙකු කඩා වැදී විශාල කලබලයක් සිදුකර තිබෙනවා.
උදෑසන පාසල් භූමියට ඇතුළු වුණ මේ දිවියා පැය 10 ක පමණ මෙහෙයුමකින් අනතුරුව කොටු කර ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම දිවියා පුද්ගලයින් 6 දෙනෙකු පමණ සපා කා තිබූ අතර වනජීවි නිලධාරීන් පවසා තිබෙන්නේ දිවියා වයස අවුරුදු 8 ක පමණ පිරිමි සතෙකු බවයි.
අනතුරුව අල්ලා ගත් දිවියාව බැංගලෝරයේ ජාතික සත්ත්ව උ්යායානය වෙත භාර දී තිබෙනවා.
