අර්බන් ෂෙපඩ් නැමති කණ්ඩායමක් විසින් තමයි ප්‍රංශයේ පැරිස් අගනුවර ආශ්‍රිතව ප්‍රදේශයේ නගර 34ක එඬේරුන් සහ ඔවුන් සතු බැටළුවන් සහභාගීත්වයෙන් මෙම පා ගමන සංවිධානය කරලා තියෙන්නේ.
මෙම සුවිශේෂි පා ගමන පවත්වන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ගොවිපල සතුන් නගර වාසයට සුදුසු බවට පත්කිරීමට නව ආකාරයක් පිළිබඳව ජනතාවට සිතන්නට පෙළඹවීම මුල් කරගන කියලා තමයි සංවිධායකයන් ප්‍රකාශ කරන්නේ.
චාරිකාව අතරතුර මොවුන් නගර 34ක තාවකාලිකව නවාතැන් ගෙන ඇති අතර සති දෙකක කාලයක් පැවති පා ගමනේ දී බැටළුවන්ට නගරය වටා ඇති ආහාර සඳහා සුදුසු තෘණ භූමි සොයාදීමට කටයුතු කර ඇති බවට විදෙස් වාර්ථා සඳහන් කරනවා.මෙම පා ගමන තෘණබිම්වලින් පෝසත් සෙයින් ගංගාවේ ඉවුරු ආශ්‍රිත ප්‍රදේශයෙන් අවසන් කර තිබෙනවා.