ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් ඔහුගේ ක්‍රිකට් දිවියේ සිටි ගුරුවරුන්ට ස්තූතිය පුද කරමින් ඊයේ (5) ඔහුගේ සමාජජාල ගිණුම්වලට ඡායාරූපයක් එක්කර තිබුණා.
” මාගේ ක්‍රිකට් දිවියේ ගුරුවරුන්ට මඟ පෙන්වූවාට ස්තුතියි” යනුවෙන් එහි සඳහන් වුණු අතර ඔහුගේ ක්‍රිකට් දිවියේ ගුරුවරුන් ලෙස සලකන ක්‍රිඩකයන් රැසකගේ නම් ඔහුගේ පසුබිමෙන් දක්නට ලැබුණා.
එහි ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ සනත් ජයසූරියගේ නමද සඳහන්ව තිබීම විශේෂත්වයක්.
