ග්වතමාලාවේ කඳු ශිඛරයක් තනිවම තරණය කර, නිරුවතින් සූර්ය නමස්කාරය කිරීමට ගියේ යැයි සැකකෙරෙන බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් කඳු මුදුනින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ 23 හැවිරිදි කැතරීන් ෂොන් නමැති තරුණියක්.
ඇගේ නිරුවත් සිරුර කඳු පාමුල තිබී සොයාගෙන ඇති අතර, සිරුරු හමුවන අවස්ථාව වනවිට ඇය මියගොස් දින 6කට වැඩි කාලයක් වන බව විශ්වාස කෙරෙනවා.
ඇය යෝගා උපදේශිකාවක ලෙස කටයුතු කර ඇති බවත් සඳහන් වනවා. ඇගේ හිස් කබලට සහ ශරීරයට බරපතළ හානි සිදුවීමෙන් ඇගේ මරණය සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
