නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ජෙරම් ලී ජයරත්න පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කරනවා.
කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වූ ජෙරම් ලී ජයරත්න පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා.
ජෙරම් ලී ජයරත්න මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින ඉහළතම සුදුසුකම් සැපිරූ පුහුණුකරුවෙක් මෙන්ම අයි.සී.සී සිව්වැනි මට්ටම (Level 4 qualified) සමත් වූ පුහුණුකරුවෙක් වීම විශේෂත්වයක්.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ පසුගිය දින අතගත් ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතිය වූ ටටියානා ලී ජයරත්න, ජෙරම් ලී ජයරත්න මහතාගේ එකම දියණියයි.
