උතුරු කොරියාව විසින් සිදුකරන මිසයිල අත්දහා බැලීම පසුගියදා ශ්රී ලංකාවේ අප්රසාදයට ලක්ව තිබුණා.
මේ ගැන විවිධ කතාද මුහුණුපොත පුරාම හුවමාරු වෙලා තිබුණා.
බහුතරයක් මේ දේ විහිලුවක් කරගෙන එක එක Post නිර්මාණය කරලා තිබුණා.
මේ ගැන ගායන ශිල්පී ඉරාජ්ද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
එහි දැක්වුණේ ඉරාජ් උතුරු කොරියාවේ ජනපති යැයි සඳහන් ෆේස්බුක් ගිණුමකට යැවූ පණිවුඩයක්.
එහි සඳහන්ව තිබුණේ ‘‘සර් අපිට බෝම්බ ගහන්න එපා අපේ අය පොඩි විහිලුවක් කළේ.. අපි ගොඩක් අසරණ මිනිස්සු අතේ සතේ නෑ ඊයේ වරායත් විකුණුවා දෙවි පිහිටයි” යනුවෙන්.
තවද ගිනියම් රෑ 2 වීඩියෝව සඳහා රංගනයෙන් දායකවන ලෙසද එහි අවසානයේ සඳහන් කර තිබුණා.
