ඉරාජ් වීරරත්න කියන්නේ කවුද කියලා කොයි කවුරුත් දන්නා කාරණයක්නේ. එයා මෑත කාලයේ නම් ප්‍රසිද්ධ වුණේ “ මම සිල බිඳගත්තේ “ ගීතයෙන්.
ඒ ගීතයේ වීඩියෝව නිසා තමයි ඉරාජ් ගැන කතා කරන්න ගත්තේ ගොඩක් අය. ඔන්න දැන් ඒ ගීතයෙන් පස්සේ ඉරාජ් තවත් පෙරළියක් කරලා.
ඒ මොකක්ද දන්වාද? පසුගිය දා පැවති 68 වන නිදහස් දින සැමරුම් දිනය දා තවත් ගීතයක් පිට කළා.
ඒ ගැනත් දැන් දැන් කට්ටිය කතාබහ කරන්න පටන් අරගෙන ඔන්න.
ඒ ගීතයේ ඇති වීඩියෝවෙන් නම් ටිකක් හොඳ අදහසක් සමාජයට දෙන්න ට්‍රයි කරලා තියෙනවා.
ඉරාජ් මේ ගීතය නම් කර ඇත්තේ “මනු සතා“ නමින්. මෙම ගීතයේ ජාතින් අතර ඇති වී ඇති විවිධ ගැටුම් පෙන්වා දී තිබෙනවා. මෙහිදී විවිධ ආගම් වල අන්තවාදීන් පසුගිය කාලයේ කළ ක‍්‍රියාවන් පැහැදිලි ලෙස දක්වා තිබෙනවා.
මෙහි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඇතුලත් කිරීම කාගේත් අවධානය යොමුව තිබෙනවා.
බලන්නකෝ කොහොමද කියලා ඒ වීඩියෝව.
