Gossip

ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව තහනම් – පරිශීලකයින් මිලියනයක් නැතිවෙයි

බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ සංගීත ශිල්පියෙකු මෙන්ම ජනප්‍රිය සාමාජජාලා ක්‍රියාකාරිකයෙකුද වන ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව ෆේස්බුක් සමාගම විසින් තහනම් කර තිබෙනවා.

අදාළ ෆේස්බුක් පිටුවේ ඒ වන විට පරිශීලකයින් දස ලක්ෂයක් සිටි බවයි පැවසෙන්නේ.

සාමාන්‍යයෙන් ෆේස්බුක් පිටුවක් ඉවත් කරන්නේ නම් එහි හිමිකරුට ඒ සඳහා හේතු දක්වන අතර බොහෝ විට එය සිදුවන්නේ ෆේස්බුක් ආචාරධර්මවලට පටහැනි වූ විටයි.

එහෙත් Facebook සමාගම ඒ සඳහා කිසිදු හේතු දැක්වීමක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

පසුගිය සමයේ ඉරාජ් ආණ්ඩුවට එරෙහිව නොයෙක් ප්‍රකාශ නිකුත් කර තිබීමත් නිසා මේ තහනම පිටුපස ආණ්ඩුව ඇතැයි ඉරාජ් විශ්වාස කරන අතර මේ වන විට ඔහු Facebook සමාගම වෙත මේ පිළිබඳ පැමිණිලි කර තිබෙන බවටද වාර්තා වනවා.

කෙසේවෙතත් මේ සමගම ඉරාජ් විසින් නැවත නව ෆේස්බුක් පිටුවක් ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!