Gossip

i phone 5 තියන අය නොවැම්බර් 3ට කලින් ෆෝන් එක update කළොත් නරකද? මොකද වෙන්න යන්නෙනම් එච්චර හොඳ දෙයක් නෙවේ..

iPhone දුරකථන පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරක් මේ වනවිට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. එනම් ඔබ සතුව තවමත් ඇත්තේ 2012 iPhone 5 දුරකථනය නම් එය එළඹෙන නොවැම්බර් මස 3 වනදා වන විට යාවත්කාලින කරන ලෙස apple සමගම විසින් දන්නවා තිබීම නිසයි. Apple සමගම විසින් පවසන පරිදි ඔබ විසින් ” iOS 10.3.4 ” දක්වා ඔබ ඔබගේ ජංගම දුරකථනය යාවත්කාලීන නොකළහොත් ඔබගේ App Store, iCloud, email, Web සේවාවන් සහ GPS ආදී සේවාවන් රැසක් අක්‍රිය වීමට ඉඩ ඇති බව සඳහන්.

ඔබ විසින් ඔබේ දුරකථනය යාවත්කාලින කලයුත්තේ විශේෂයෙන්ම “GPS time rollover” යන නමින් හඳුන්වන ගැටළුවක් මුල්කොට ගෙනයි. GPS උපකරණ වල කාල නිර්ණය කර ඇත්තේ දින සහ සති ඇතුලත් කල counter එකක ආකාරයකිනි. මෙය සති 1024 කට පසුව නැවත 0 සිට අරම්භ වීම සිදු වෙයි. GPS 0 සිට නැවත ස්ථාපනය වීම හේතුවෙන් ස්ථාපිතව ඇති සියලු දත්ත විනාශ විය හැක. මෙහිදී ඔබගේ ජංගම දුරකථනය “reset” කිරීමට සිදුවෙනවා. මෙය “Millennium / Y2K bug” ලෙසන් ද හඳුන්වයි.

සැ.යු: මෙම ගැටලුව අනෙකුත් ජංගම දුරකථන කිහිපයක් සඳහාත් බලපාන බවත් ඇතැම් තොරතුරු වාර්තාවෙන අතර පහත සඳහන් Link එක මඟින් ඔබගේ දුරකථනයත් මෙයින් බලපෑමට ලක් වන ලයිස්තුවේ ඇත්දැයි පරික්ෂා කරගන්න.

ඔබගේ දුරකථනය පරික්ෂා කරගන්න

විශේෂයෙන්ම නවතම iPhone ජංගම දුරකථන සහ iPhone 4s ඇතුළු iPhone පළමු පරම්පරාවේ iPad mini, iPad 2 වැනි මෙවලම් සඳහා ඉහත ගැටලුවෙන් බාධාවක් නොමැති අතර ඇතැම් විට මෙම දුරකථන වල GPS “accuracy” එක මානව පවත්වාගෙන යාම සඳහා මෙම දුරකථනත් යාවත්කාලීන කරගැනීම සුදුසු වේ. කේසේ නමුත් ඉහත ගැටලුව 2006 සිට 2016 දක්වා නිෂ්පාදනය වූ ඕනෑම Apple උපාංගයක් සඳහා මෙය බලපාන බව ඔවුන් වැඩි දුරටත් පවසයි.

මෙම ගැටලුව පහසුවෙන් නිරාකරණය කිරීමට හැකියාව පවතිනවා. ඒ සඳහා ඔබ සතුව ඉහත සඳහන් iPhone දුරකථනයක් ඇත්නම් එය යාවත්කාලීන කිරීමට අවශ්‍ය වෙනවා. එහෙත් ඔබ නොවැම්බර් මස 3 වන දිනට පෙර එසේ නොකළහොත් ඔබේ GPS ඇතුළුව ඉහත සඳහා වෙවාවන් ක්‍රියාත්මක නොවීමට ඉඩකඩ ඇති අතර ඔබට පෙර ලෙසම ඔබගේ උපාංග භාවිතය සඳහා ඔබේ iPhone දුරකථනය පරිගණකයක් අධාරයෙන් “back up” කර “restore” කල යුතු වෙනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා පහත සඳහන් Link එක භාවිතා කල හැකිය.

iPhone එක Update කරගන්නේ කෙසේද ?

Apple සමගම පවසන පරිදි ඔබේ ජංගම දුරකථනය නොවැම්බර් මස 3 වන දින දක්වා යාවත්කාලීන නොකර භාවිතා කිරීමට හැකියාව පවතිනවා. නමුත් හැකි ඉක්මනින් ඔබගේ ජංගම දුරකථනය යාවත්කාලීන කරගැනීම ඔබට ඉතාමත් පහසුවනු ඇත. මෙම ගැටලුව අනෙකුත් ජංගම දුරකථන කිහිපයක් සඳහාත් බලපාන බවත් ඇතැම් තොරතුරු වාර්තාවීම හේතුවෙන් ඔබගේ දුරකථනයට ලැබෙන ” Updates ” නිසියාකාරව සිදුකිරීමට කටයුතු කිරීමෙන් ඔබටත් මෙම ගැටලුවෙන් ආරක්ෂා විය හැකිය.

උපුටා ගැනීම http://techguru.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!