තරු හුට පට

හිරුණිකා අද මරණ දඬුවම පාර්ලිමේන්තුවට ගෙනෙයි

hirunika

 

බාලවයස්කාර දරුවන්ට දරුණු ලෙස වධ දී කෲර ලෙස ඝාතනයට ලක් කිරීමේ වරදට අධිකරණයේ දී වැරදකරුවන් වු අයට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වු යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

එය පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් ලෙස විවාදයට ගැනීමට නියමිත අතර  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්ද්‍ර මහත්මිය විසින් මෙම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා    අදහස් දක්වමින් කියා සිටියේ තමාට යෝජනාව ගෙන ඒමට නොහැකි නමුත් හිරුණිකා විසින් එය ගෙන ඒම වැදගත් බවයි.

මව් කුසින් බිහිවූ සෑම අයෙකුම පාහේ මෙම යෝජනාවට සහය දිය යුතු බව රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!