පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්රේමචන්ද්රමහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඇයගේ නිවසේදී මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.
දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් අදාළ තරුණයා පැහැරගෙන ගොස් තිබූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිට පෙර හිරුණිකා ප්‍රේමවචන්ද්‍ර මහත්මියගේ සහයකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඇප මත මුදාහැරිමට අධිකරණය නියෝග කළා.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනිමේ හැකියාව පිළිබඳ නීතිපතිවරයාගෙන් කරුණු විමසීමක් ද සිදු කර තිබුණා.
ඒ අනුව නීතිපතිවරයා අද පෙරවරුවේ දැනුම්දී තිබුණේ අදාල තරුණයා පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමවචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනිමට හැකියාව පවතින බවයි.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මූලික ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව අලුත් කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.