පණපිටින් සිටි උකුස්සෙකු අමානුෂික ලෙස ඝාතනය කළ බව කියන පිරිසකගේ ඡායාරූප පෙළක් මේදිනවල සමාජ ජාලා වෙබ් අඩවිවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ඡායාරූපද පෙළක් ඒ අතර වන අතර කැලෑබද පෙදෙසක උකුස්සෙකුගේ හම ගසා පාද කපා ඉවත්කර තිබෙන අයුරු ඉන් දැකගත හැකිය.
2009 අංක 22 දරණ වනසත්ත්ව හා වන සංරක්ෂණ ආඥාපනත යටතේ දැක්වෙන පරිදි වන සතුන් අමානුෂික ලෙස ඝාතනය කිරීම යන චෝදනාව යටතේ අදාළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනයාමට Freedom Sri Lanka Foundation සහ Let Them Live සංවිධාන කටයුතු කරන අතර ඒ සඳහා ඉහත ඡායා රූපවල සිටින පුද්ගලයින් පිළිබඳ තොරතුරක් දන්නේ නම් දැනුම්දෙන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.
