ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරී ලත් නිලධාරියෙකු ලෙස බඳවාගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
දිනේෂ් චන්දිමාල් යුද හමුදාවට එක්වීමට කැමැත්ත පලකර ඇති අතර එම අවස්ථාව ඔහුට හිමිව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළා.
තවද ඔහු යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
