ආදරය තමන්ගේ ගමනට බාධාවක් කර නොගන්නා බව මේ දිනවල දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන “දේදුණු“ ටෙලි නාට්‍යයේ දේදුණුගේ චරිතයට පන පොවන තරුෂි නයනතාරා පවසයි.
ඇය මේ බව පවසා සිටියේ “දෙරණ ආලින්දය“ වැඩ සටහනට එක්වෙමින්ය.
එසේම තවමත් තමාට පෙම්වතෙක් නොමැති බව ඇය එහිදී සඳහන් කළේය.
තමන්ට සොයන පෙම්වතා ගොඩාක් දුරට තමාව තේරූම්ගත යුතු බවත්, දෙදෙනා අතර අවබෝධයක් තිබිය යුතු බවත්, තමාට ගොඩාක් ආදරය කළ යුතු බවද ඇය පැවසුවේය.
ආදරය තුළ අනිවාර්යෙන්ම විශ්වාසය තිබිය යුතු පුද්ගලයෙක් තමන් බලාපොරොත්තු වන බව ඇය සඳහන් කළේය.
ටී.වී. දෙරණ ඔස්සේ විකාශය වන නවතම ටෙලි නාට්‍යය වන “දේදුණු“ ටෙලි නාට්‍යයේ පසුගිය කොටස් www.derana.lk වෙබ් අඩවිය මගින් නැරඹිය හැකිය.
“දේදුණු“ ටෙලි නාට්‍යය රූගත කරන අවස්ථාවේදී ලබාගත් ඡායාරූප පහත පළවෙයි.
