Gossip

නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය පෙම්වතියගේ සොහොන ළඟදී පෙම්වතා තැබූ කඳුළු සටහන – Photo

අපි ළඟින් හිටපු කෙනෙක් සමුගන්නවා කියන්නේ ඒක දරාගන්න අමාරුයි.
තමන් ආදරය කරපු කෙනා ආයෙත් නොඑන්නම දාලා ගියොත්.
ඒක දරාගන්න අමාරුයි. හැබැයි අද කාලෙනම් ඒ වගේ ආදර කතා අහන්න දකින්න ලැබෙන්නේ නෑ.
මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක් ගැනයි.
තමන්ගේ පෙම්වතිය අහිමිවූ පෙම්වතෙක් සිය මුහුණුපොතේ සංවේදී සටහනක් තබා තිබුණා.
අන්තර්ජාලය පුරාම හුවමාරු වුණු ඒ කතාවයි මේ.

“මහත්තයෝ birthday එකත් එනවා නේද? එදාට වැඩ දාගන්න එපා.මට ඔයත් එක්ක පන්සල් යන්න ඕනි හොදද?”
එදා 2018 සැප්තැම්බර් 17 වෙනිදා.msg කර කර ඉන්න ගමන් එයා කිව්වේ ඒ ටික.
අපි දෙන්නම හිටියෙ කොලඹ.එයා KIU කැම්පස් එකේ මං කොලොඹ practice.කලින් දවසෙ plan කරපු විදිහට මගෙ birthday එක දවසෙ දෙන්නම එක්ක කැලණි පන්සල් යන්න ලෑස්ති වුණා.
මං කොටුවට ගිහින් එයා එනකන් පැයක් විතර බලාගෙන හිටියා.
කිව්ව වෙලාවට ආවෙ නැති නිසා මං හිටියෙ ටිකක් තරහින්.”මොකද මෙච්චර වෙලා කරේ.මං 8 ඉදන් මෙතන” එහෙම කියද්දි ඔයා කිව්වේ ඇයි මහත්තයෝ මතක නැද්ද එදා ඔයා පරක්කු වෙලා ආවා.ඒකට සූටි return එකක් මේක” කියලා.
හිනා වෙලා මං එයාගෙ කන මිරිකුවෙ අනේ සොරි ඉතින් කියාගෙන.
මට අද වගේ මතකයි මැණික ඔයා එදා ආවෙ නිල් පාට ඩෙනිම් ගවුමක් ඇදගෙන.
දෙන්න එක්කම කැලණි පන්සල් ගිහින් බෝධිය නාවලා මල් පූජා කරා මතකද මැණික.
එදා මං වෙනදා වගේම ඉල්ලුවේ “අපේ මේ අහින්සක ආදරේට කවදාවක් වැරැද්දක් වෙන්න එපා” කියලා.මල් පූජා කරලා පන්සිල් අරන් ඇවිත් බෝධිය අයිනෙ බිත්තියට හේත්තු වෙලා හිටපු විදිය මතක් වෙද්දි පපුව කෑලි කෑලි වලට කැඩිලා යනවා මගෙ හුස්ම.
“මට චූටි වැඩක් තියෙනවා.ඔයාට පරක්කු වෙයිද මහත්තයෝ” කියලා ඔයා අහද්දි මං කිව්වෙ “එහෙම අවුලක් නෑ ඒත් අම්මලා බලන් ඉන්නවා මං ගෙදර එනකන් අද ඉතින් මගෙ birthday එක නිසා “කියලා.
“තරු එනවා කිව්වා දියතට සූටි assessment එකක් තියනවා campus එකෙන් දුන්න කරන්න.එතනට ටිකක් ගිහින් ඒක කරලා ගෙදර යමු හොදද? “
“හරි අවුලක් නෑ.ඒ ටික කරගෙන ගෙදර යමු.හැබැයි ඉක්මනට හොදද?”
කතාව ඔහොම යනගමන් ඔයයි මමයි බස් එකේ නැගලා දියතට ආවා.
“තරූ එද්දි ටිකක් වෙලා යයි අපි යමුකො lake එක පැත්තට එයා ආවහම එමු මෙහෙමට” කියලා උබ මාව එක්කන් lake එක පැත්තෙ බංකුවක් උඩ ඉදගන්න ගියා.
මතකයි තවත් ඒ විනාඩි ටික පිස්සු කියව කියව හිටපු විදිහ.එහෙම ඉන්නකොට තරුගෙන් ආව කෝල් එක නිසා අපි දෙන්නම ඒ පැත්තට ගියේ මං හිතන් උන්නු විදිහට ඔයාගෙ assessment එක ඉවරයක් කරලා දාන්න.
වෙනදා කුඩේ ඉහලුවාම ඒක අල්ලන් යන්නෙ මං.ඒක පුරුද්දක්.ඒත් එදා උබ මට කුඩේ අතට ගන්න දෙන්නෙ නැතුව ඒක අල්ලන් ගියා.ඉස්සරහ මෙලෝදෙයක් පේන්නෙ නැතුව මං හරියට පාරේ ගියේ ඔයාගෙ අත අල්ලන් හිටපු නිසා.නැත්තන් එතනම down.
ඔහොම ගිහින් එක තැනක නැවතිලා කුඩේ ඉස්සුව ගමන් දැක්ක දේ නිසා මගෙ ඇස් වලින් වැටුනෙ කදුලු හැබැයි කියාගන්න බැරි සතුටක් එක්ක.
නංගිලා ටිකයි යාලුවො ටිකකුයි හිටියෙ කේක් එකක් ඉස්සරහින් තියාගෙන මං එනකන්.”අනේ මැණිකේ” ඉබේටම මට කියවුනා.ඒත් එක්කම එක දෙයයි මතක් උනේ.එදා මං ගෙදර යද්දි ඔයාට කිව්වා ජීවිතේට මං කේක් එකක් කපලා party එකක් දාන සතුට ලැබිලා නෑ කියලා.
එදා මගෙ ඇස් මූනෙ තිබ්බ සතුටට වඩා මං දැක්කෙ ඔයාගෙ මූනෙ තිබ්බ හිනාව.
ඒකෙන් මං හොදටම තේරුම් ගත්ත මැණික.මගෙ සතුට වෙනුවෙන් උබ ලෝකයක් එක්ක උනත් සටන් කරයි කියලා.අවුරුදු 21 ක ජීවිතේ වැඩියෙන්ම සතුටින් හිටපු දවස තමයි එදා.මං අහලා තියෙන විදිහට අනුන්ගෙ සතුට වෙනුවෙන් කැපවෙලා ඒවගෙන් සතුටක් ලබන අය හරි අඩුයි මැණික.ඒ ටික දෙනාගෙන් ඔයත් එක්කෙනෙක් .
හැමදාමත් මං කියනවා වගේ ඒ අදරේට ලෝබ උනේ මගෙ ජීවිතේ ගෙවුනු ලස්සනම කාලෙ ඔයත් එක්ක ගෙවුනු නිසයි.
ඒක ලස්සනම කාලෙ උනේ ඔයා නිසයි.ඒත් මේ හිත මේ ලෝකෙ අපි හැමෝවම තනි කරලා දාලා ගිහින් මාස පහක් වෙන්නත් එනවා.
ඒත් තාම මේ හිත ඒක පිලිගන්න ලෑස්ති නෑ.උබ මගෙ හුස්ම ටික,මගෙ ජීවිතේ,මගෙ අනාගෙතේ.ඉතින් උබ මාව දාලා යයිද හිතින්.නෑ කවදාවත් නෑ.දැනෙනවා මැරෙනකන් උබ මගෙ ලග කියලා.
ඒත් මං තරහයි.වෙනදා උදේම wish කරන්නෙ ඔයා.edit කරපු 4to එකත් නෑ විශ් කරලා msg එකත් නෑ අද.බලන් ඉන්නවා මැණික ඔයා එනකන් දැන් ඇති ඕම හිටියා නේද.
ඉතින් ඉපදෙමු හැම භවේම අපි අපේ වෙලා සතුටින් ආදරෙන් ඉන්න.හැමදාම ඒ ආදරේ උබේම විතරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!