Gossip

රංගන ශිල්පී දසුන් නිශාන්ගේ වෙන්ව යාම පිටුපස සැඟවුණු කතාව මවත්, විවාහක බිරිඳත් හෙළි කරයි

නව පරපුරේ රංගන ශිල්පියෙකු වන දසුන් නිශාන්ගේ මරණය පිලිබඳව ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරව ඔහුගේ දේහය ඥාතීන්ට භාරදුන්නා.
මීට මාස කිහිපයකට කළින් පෙර ගුරුවරියක වු තම පෙම්වතිය සමග දසුන් විවාහ ගිවිසගෙන සිටි බවයි දැනගන්නට ලැබුණේ.
මියගිය දසුන්ගේ මව සාක්ෂි ලබා දෙමින් කියලා තිබුණේ ඇත්තේ දසුන් පසුගිය දිනවල දුරකථනයෙන් කථා කර නවක නිලියක් සමග සබඳතාවක් පවත්වාගෙන ගිය බවයි.
ඇයව විවාහ කර ගැනිමට අවශ්‍ය බව ප්‍රකාශ කල නමුත් එම යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බව දසුන් ගේ මව සාක්ෂි ලබාදෙමින් කියා තිබුණා.

ලලිතා ස්වර්ණා කුමාරි හේරත් වන දසුන්ගේ මව සිද්ධිය ගැන කිව්වේ මේ විදිහට.
පුතා නිළියක්‌ එක්‌ක සම්බන්ධයක්‌ තියෙනවා කිව්වා. මම ඒකට තදින්ම විරුද්ධ වුණා…”
මියගියේ මගේ වැඩිමහල් පුතා. මට තව පුතෙක්‌ ඉන්නවා. පුතා රංගන ශිල්පියෙක්‌. අපේ ගෙවල් පිහිටා තිබෙන්නේ නිට්‌ටඹුව කත්aතොට. පුතාගේ රංගන කටයුතුවල පහසුව පිණිස ඔහු පන්නිපිටියේ බෝඩිමක නැවතිලා සිටියා. පුතා විවාහ ගිවිසගෙන හිටියේ. ඒ දුව ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්‌. පුතා අපේ ගෙදරත් ඉන්නවා. දුවලගේ ගෙදරත් ඉන්නවා. පුතා මට දුරකථන මාර්ගයෙන් දවසක්‌ කිව්වා නිළියක්‌ එක්‌ක සම්බන්ධයක්‌ තියෙනවා කියලා. විවාහ ගිවිසගෙන ඉන්න දුවගෙන් දික්‌කසාද වෙන්න ඕන කියලත් කිව්වා. මම ඒකට තදින්ම විරුද්ධ වුණා. ඒ නිසා පුතා සිත් තැවුලෙන් දිවි නහගන්න ඇති කියලා හිතනවා.

දසුන්ගේ විවාහක බිරිඳ පවසා තිබුණේ මෙවැනි කතාවක්.
මියගිය දසුන් මගේ විවාහක ස්වාමි පුරුෂයා.
අවුරුදු එකහමාරකට විතර කළින් අපි විවාහ වුණා.
ඒත් දසුන් මාව කැන්දගෙන ගියේ නෑ. ඒ හැමදේම කරන්න සැලසුම් කරලයි තිබුණේ.
දසුන් මේ ජනවාරි මාසයේ සිට වෙනත් ගැහැණු කෙනෙක් සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව මට ආරංචි වුණා.
මා සැමියාගෙන් මේ පිළිබඳව ඇසූ විට ඔහු එය පිළිගත්තා. නමුත් ඔහු මා සමඟත් සම්බන්ධතාව පවත්වාගෙන යාමට කැමති වූවා. සැමියාගේ අනියම් කාන්තාව මා සමඟ ඔවුන්ගේ සම්බන්ධතාව පිළිබඳව දුරකථනයෙන් කතා කරනවා.
මේ සිද්ධිය වෙච්ච දවසේ දසුන්ගේ මිතුරෙකු වන ප්‍රසන්න යන අය සැමියාට කරදයක් බව දුරකතනයෙන් දැනුම් දුන්නා.
පසුව සැමියා සමඟ නවාතැනේ සිටින මිතුරෙකු සැමියා මියගිහින් කියලා මට කිව්වා.
පස්සේ මම සැමියාගේ අනියම් කාන්තාවට කතාකර මට ලැබුණු ආරංචිය පිළිබඳව විමසුවා.
එතකොට එයත් කිව්වා මේ කතාව ඇත්ත කියලා.
පසුව මා මේ බව මගේ සැමියාගේ මවට දැනුම් දුන්නා. මා මගේ මාමා කෙනෙකු සමඟ සැමියා මියගිය පිළියන්දල ගොරකාපිටිය යන ස්ථානයට පැමිණ සැමියාගේ මෘත දේහය හඳුනාගත්තා. මෙම මරණය පිළිබඳව මට කිසිම සැකයක් හෝ අවිශ්වාසයක් නෑ.
සැමියා සමඟ අනියම් සම්බන්ධය පැවැත්වූ කාන්තාව සමඟ ඇතිවූ කතාබහ හේතුවෙන් සැමියා සිත් තැවුලට පත්ව මෙය සිදුකරගෙන ඇති බවට විශ්වාස කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!