Covid 19 පිළිබඳ පරික්ෂා කිරීමේ උපාංගයක් එක්සත් ජනපදයේ ඇබොඩ් ලැබොරටොරිස් සමත්ව ඇති බව වාර්ථා වෙයි.
abbott ID NOW COVID 19 ලෙස මෙම උපාංගය නම් කර ඇත.
කුඩා ප්රමාණයේ ටොස්ටරයක් වැනි මෙය අණුක තාක්ෂණය උපයෝගී කර ගෙන අදාල පරීක්ෂාවන් සිදු කරයි.
මෙමගින් ආසාදින බවට විනාඩි 5ක දීත් ආසාදිත නොවන බවට විනාඩි 13ක දීත් ප්රකාශ කරන බව එම සමාගම සඳහන් කරයි.
මෙම උපාංගය ලබන සතිය ආරම්භයත් සමග අදාල පරීක්ෂාවන් සඳහා යොදා ගැනීමට එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරය අවසර ලබා දී ඇතැයි එම සමාගම පවසයි
මෙය අතෙහි රැගෙන යා හැකි උපකරණයක් වීම විශේෂත්වයකි.
