අප නිවෙස්වල නිදන කාමරද ඇතුලත්ව ආලෝකය බොහෝ සෙයින් තිබෙනවාපරිගනක තිරලනිවි නිවි පත්තු වෙන හා දර්ශනය නොපෙනෙන තරම් වන ඉලෙක්ට්‍රොනික උපකරණ ඒ අතර අඩංගු වෙනවාමෙලෙස රාත්‍රී කාලයේ ආලෝකයට නිරාවරණය වී සිටීම සෞඛ්‍ය ගැටලූවලට හේතු වෙනවා
බොහෝ කාලයකට පෙර පුද්ගලයන් කායිකව ඔවුන්ගේ සංචලනයන්ට නොයෙක් වර්ගයේ ස්වභාවික ආලෝකයට නිරාවරණය වී තිබෙනවාඔවුන් දහවල් කාලයේදී හිරු එළියට නිරාවරණය වූ අතරලරාත්රී කාලයේදී තරුලහඳ යන ස්වභාවික වස්තු වලින්දලගිනිමැලයක් අවුලූවා ගැනීමෙන් රාත්‍රී කාලයේ ආලෝකය ඔවුන් ලබාගත්තා
අද අප ජීවත්වන නූතන ලෝකයේ නම් අපි ස්වභාවික ආලෝකය වෙනුවට කෘතිම ආලෝකය රාත්‍රී කාලයේ යොදාගනු ලබනවා
හිරුඑලියේ හා හඳ එලියේ වෙනස වන්නේ ඉතාමත් වැදගත් වන ජෛවරසායනික වහනය නියමිත කාලයට සිදු කිරීම වන අතර කෝටිසෝල් හා මෙලටනින් මට්ටම් නිපදවීමයි
මෙලටනින් හි ක්‍රියාව
මොළයෙහි රාත්‍රී කාලයේදී මෙලටනින් නිපදවනු ලබන අතර එහි ක්‍රියාව වනුයේ අපේ නින්දට යාමේ හා අවදිවීමේ චක්‍රය විධිමත් කිරීමයිමෙලටනින් මගින් සැප පහසු නින්දකට අවශ්‍ය කරන රුධිර පීඩනයලග්ලූකෝස් මට්ටම් හා ශරිරි උෂ්ණත්වය අඩු කරනු ලබනවා
අපේ දෘෂ්ටීය ස්නායුව මගින් අපේ ඇස් වලට ආලෝකය දිස් වූ විට මොළයට මේ අවදි විය යුතු වෙලාව බව දන්වා පණිවිඩයක් යවනු ලබනවාඑය් මගින් ශරීර උෂ්ණත්වය ඉහල නංවන අතරලකෝටිසෝල් වැනි හෝමෝන නිපදවනවාරාත්රී කාලයේ කෝටිසෝල් මට්ටම අඩු හෙයින් අපට නිදාගැනීම සඳහා ඉඩ ලබා දෙනවා දහවල් කාලයේ කෝටිසෝල් මට්ටම ඉහල වන අතර ශක්ති මට්ටම් වල ක්‍රියාව වැඩි කර ප්‍රතිශක්ති කෘත්යයත් ඉටු කරනවා
ඔබේ කාමරය රාත්රියේදී අඳුරු එකක් නම්ලදෘෂ්ටි ස්නායුව මගින් මොලයට පනිවිඩයක් නොයවන අතර ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට මෙලටනින් සාදා ගැනීමේ හැකියාව ලැබෙනවාමෙම මෙලටනින් මට්ටම් පෙර දිනයේ ඔබට ලැබුණු ආලෝක ප්‍රමාණය මගින් පාලනය කෙරෙනවා
නිදාගැනීමට පෙර ලැබෙන ආලෝකය
පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා මෙලටනින් ප්‍රමානය මිනිත්තු 90කින් පමණ අඩු විය හැකි බව මක්නිසාදයත් අඩු ආලෝකය හා කාමරයේ ඇති ආලෝකයට නිරාවරනය වීම පිලිබඳව සංසන්දනයක් කල හැකිවීමයි
ඊට අමතරව නිදාගත යුතු වෙලාවෙහි කාමර ආලෝකයට නිරාවරණය වී සිටීම මගින් නින්දට අවශ්‍ය කරන මෙලටනින් මට්ටම් 50%කින් පමන මැඩපවත්වනු ලබනවා
ගොඩක් නූතන උපකරනවල නිල් පාට ලෙඞ් බල්බ අඩංගු වෙනවාමෙම ආලෝකය මෙලටනින් ප්‍රමානය අඩුකීරීමට හේතු වෙනවාමීට හේතුව වන්නේ සංවේදක මෙලනොප්සින්ලඑය විශේෂිත සෛල වර්ගයක අඩංගු වන අතර කායිකමය වශයෙන් නිල් ආලෝකයට ගොඩක් සංවේදී වීමයි
විද්‍යාඥයන් විසින් පරිගනක තිරයෙහි ඇතිවන ආලෝකය මගින් ද මෙලටනින් මට්ටම්වල ක්‍රියාවට බලපෑම් ඇති කරන බව සිසුන් හට දන්වා සිටිනවාරාත්රී කාලයේදී පරිගණක තිරයෙහි ආලෝකයදලවිශේෂයෙන් නිල් ආලෝකය මගින් සිසුන්ගෙ මෙලටනින් මට්ටම අඩු කරනු ලබනවාතවත් පරීක්ෂනයකින් බැක්ලිට් ටැබ්ලට් තිර මගින් මෙලටනින් හා නින්දට බාධා ඇති කරවනවාඔබ නින්දට යෑමට පෙර මෙලටනින් මට්ටම් වැලැක්විය හැකි උපකරණවලින් ඉවත්ව සිටීම සිදු කල යුතු වෙනවා
මෙලටනින් හා පිළිකාව
මේක නම් අමුතු දෙයක් වෙන්න බැහැ මොකද මේ හෝමෝන හා ජෛවරසායනික කැළඹීම් මගින් විශේෂයෙන් පිළිකාව වගේ සෘණාත්මක බලපෑම් ඇති කරන්න පුලූවන්
අවුරුදු 10කට පෙර පැවති කාන්තාවන් 1670ක් පමන සහභාගි වූ පරීක්ෂණයකදී පෙන්වා දෙනු ලැබුවාල නිදාගන්නා පරිසරයේ වැඩිපුර ආලෝකයට නිරාවරණය වී සිටීම මගින් මෙලටනින් ප්‍රමානය අඩු වීම නිසා 22% ක පමණ පියයුරු පිළිකා සෑදීමේ අවදානමක් ඇති බව
මඳ ආලෝකයලනිල් ආලෝකයලඅවපාතය හා ප්‍රතිශක්තිකරන පද්ධතියට එහි බලපෑම
සිරුරට ප්‍රශ්න ඇති කිරීම සඳහා රාත්‍රී ආලෝකය දීප්තිමත් වීම අවශ්‍ය නැතඅදුරු ආලෝකය ට නිරාවරණය වීම සිටීම නිසා මීයෙකු වැනි කුඩා සතෙකුට අවපාත රෝග ලක්ෂන ඇති වෙන්න පුලූවන්එම සත්වයාගේ රෝග ලක්ෂන නැති කිරීමට විද්‍යඥයන් එම සතාව සාමාන්‍ය ආලෝකයට ගෙනු එනු ලැබුවාවිද්යාඥයන් පවසන අන්දමට අදුරු අලෝකය නිසා ඇතිවන රෝගයට හේතුව ප්‍රෝටීන් වර්ගයක් බවයිකොහොම නමුත් අදුරු ආලෝකය මගින් ප්‍රතිශක්තිකරන පද්ධතියට බලපෑම් ඇති කරන්න පුලූවන්
අකල් වයස්ගතවීම හා හදවත් රෝග
මෙලටනින් සතුව ප්‍රතිඔක්සිකාරක ගුණත් ඇතුලත් වෙනවාඑය මගින් වයස්ගත වීම පාලනය කරනවා විද්‍යාඥයන් විසින් සිදුකල වයස්ගත වූ මීයන් යොදාගෙන මෙලටනින් මගින් ප්‍රතිඔක්සිකාරක විඩාව අඩු කරනු ලැබූ පරීක්ෂණයකින් ඒ බව සනාථ වුනා
නිගමනය
ඔබ නින්දට යන විට ඔබගේ නිදන කාමර පුලූවන් තරම් අදුරේ පවත්වා ගැනීමට වගේම නිල් ආලෝකයෙන් මිදී තබා ගන්නහොඳම විසදුම තමයි එම ආලෝකය විහිදුවනු ලබන උපකරණ ක්‍රියාවිරහිත කර තබා ගැනීමයිඒ වගේම හැකි නම් නින්දට යන්න කලින් ජංගම දුරකථන, ටැබ්ලට් පරිගනක පාවිච්චි කිරීමෙන් වැළකී සිටින්න