Maria Isabel Olivieri කියන්නේ ලස්සන යුවතියක්. ඇය බැලේ නර්තන ශිල්පිණියක්.
පුංචි කාලේ එය මහත් හිසරදයක් හැටියට දැනුණා කියලා තමයි ඇය කියලා තියෙන්නේ.
මේ ලප නිසාම තමන්ගේ පියා තමන්ව කුඩා කාලේ ඇයවා සගවා තැබූ බවත් ඔහුගේ දියණිය යැයි කීමට අකමැත්තක් දැක්වූ බවත් මරියා කියලා තියෙනවා.
නමුත් දැන් ඇය සතුටින් ජිවත් වෙන්න පුරුදු වුනු බව ඇය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
තවමත් වයස අවුරුදු 22ක් වන ඇය ස්පාඤ්ඤයේ Palma වල ජිවත් වෙන්නේ. මරියා පුංචි කාලේ යාලුවන්ගේ සමච්චලයට ලක් වුණු ගැහැණු ළමයෙක් නිසා ශරීරයේ ඇති ලප ඉවත් කරගැනීමේ සැත්කම් වලට මුහුණ දීමට සිතු නමුත් ඒ ජිවිතයට පුරුදු වූ බවත් දැන් නම් පවසන්නේ සතුටින්.
ඒ වගේම අදටත් එළිමහනේ ඉන්න විට ඇය දෙස හැම කෙනෙක්ම දෙවරක් හැරී බලන බවත් බොහෝ අය ශරීරයේ ඇති ලප ගැන විමසන බවත් කියයි. එය දවසේ කොටසක් වී ඇති බව මරියා කියන්නේ සිනහ වෙමින්.