Gossip

පිං සිත් ඇතිව ඔබට කෙරෙන ආරාධනයයි මේ – Photos

ලොව විශාලතම මුචලින්ද නාගදරණ බුද්ධ ප්‍රතිමා වහන්සේ, අනිමිස ලෝචන චෛත්‍ය රාජයාණන් වහන්සේ සහ දකුණු ආසියාවේ දෙවන විශාලතම ගණ දෙවි ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම අගෝස්තු 6 වැනිදා උදෑසන ඓතිහාසික රුහුණු කතරගම කාවන්තිස්සපුර ධම්මවිචය විහාරස්ථානයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මෙහිදී බුදුන් වහන්සේට පිරිකර 2563 ක් පූජා කිරීම සිදුකරනවා.
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිත නාහිමිපාණන්ගේ සහභාගිත්වයෙන් වාරන රජමහා විහාරාධිපති දොම්පේ ශ්‍රී පුඤ්ඤානන්ද නා හිමි සහ ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් විසින් මෙම පුණ්‍ය කර්මය සිදුකරන බවයි පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් පැවසුවේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!